සෙබලුන් දෙදෙනෙක් දිවි නොතකා වැවට පනි.. ගිලෙමින් සිටි පවුලක්ම බේරාගනි..
September 8, 2019 at 6:48 pm | lanka C news
අරසපුරකුලම් වැවෙහි ස්නානය කරමින් සිටියදී දියේ ගිලී අනතුරට ලක්වූ මව සහ දරුවන් දෙදෙනා බේරාගැනීමට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජමේන්තුවේ සෙබළුන් දෙදෙනෙකු කඩිනමින් මැදිහත්වී සමත් වූහ.
මෙම දියේ ගිලුනු කාන්තාව සහ ඇගේ දරුවන් දෙදෙනා උදව් ඉල්ලා කෑගසමින් සිටිනු දුටු එම වැව පසුකර යමින් සිටි මෙම සෙබළුන් දෙදෙනා ඉතා යුහුසුළුව තමන්ට සිදුවිය හැකි අනතුරු ගැන නොසිතමින් වැව්දිය සමග සටන් කරමින් වටිනා ජිවිත තුනක් (මව සහ පුතුන් දෙදෙනා) ගලවාගැනීමට සමත්වූහ.
ඉතා නිර්භීත ලෙස 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ඩී.ජී.එස් අමරසිරි සහ ලාන්ස් කෝප්රල් ටී.ජී.ජේ.පී. ආරියරත්න මහත් පරිශ්‍රමයක් දරා දියේ ගිලෙමින් සිටි ඔවුන් තිදෙනා වැව්පිටිය වෙත රැගෙනවිත් කඩිනමින් මුලික ප්‍රථමාධාර ලබාදෙමින් එහි එක්රැස් වූ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කිසිදු පමාවකින් තොරව ඔවුන්ව ළඟම පිහිටි පූනරින් රෝහල වෙත රැගෙන යන ලදී.
අනතුරුව පූනරින් රෝහල වෙතින් වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
– army midea