සෙබලුන් දෙදෙනෙක් දිවි නොතකා වැවට පනි.. ගිලෙමින් සිටි පවුලක්ම බේරාගනි..

September 8, 2019 at 6:48 pm | lanka C news
සෙබලුන් දෙදෙනෙක් දිවි නොතකා වැවට පනි.. ගිලෙමින් සිටි පවුලක්ම බේරාගනි..

අරසපුරකුලම් වැවෙහි ස්නානය කරමින් සිටියදී දියේ ගිලී අනතුරට ලක්වූ මව සහ දරුවන් දෙදෙනා බේරාගැනීමට කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජමේන්තුවේ සෙබළුන් දෙදෙනෙකු කඩිනමින් මැදිහත්වී සමත් වූහ.

මෙම දියේ ගිලුනු කාන්තාව සහ ඇගේ දරුවන් දෙදෙනා උදව් ඉල්ලා කෑගසමින් සිටිනු දුටු එම වැව පසුකර යමින් සිටි මෙම සෙබළුන් දෙදෙනා ඉතා යුහුසුළුව තමන්ට සිදුවිය හැකි අනතුරු ගැන නොසිතමින් වැව්දිය සමග සටන් කරමින් වටිනා ජිවිත තුනක් (මව සහ පුතුන් දෙදෙනා) ගලවාගැනීමට සමත්වූහ.

ඉතා නිර්භීත ලෙස 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස් අමරසිරි සහ ලාන්ස් කෝප්‍රල් ටී.ජී.ජේ.පී. ආරියරත්න මහත් පරිශ්‍රමයක් දරා දියේ ගිලෙමින් සිටි ඔවුන් තිදෙනා වැව්පිටිය වෙත රැගෙනවිත් කඩිනමින් මුලික ප්‍රථමාධාර ලබාදෙමින් එහි එක්රැස් වූ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කිසිදු පමාවකින් තොරව ඔවුන්ව ළඟම පිහිටි පූනරින් රෝහල වෙත රැගෙන යන ලදී.

අනතුරුව පූනරින් රෝහල වෙතින් වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්‍ෂණ රෝහලට මාරු කර යවා ඇත.

– army midea

32,636 Viewers

18 Comments to “සෙබලුන් දෙදෙනෙක් දිවි නොතකා වැවට පනි.. ගිලෙමින් සිටි පවුලක්ම බේරාගනි..”

  1. LION says:

    විරුවනි ඔබට වේවා ජයෙන් ජය! බුදු සරණයි

  2. desta says:

    yaha palanaya anduwen sebalu denna remand karaida danne neha ^_^🤪🤪

  3. weera puthuni ob dedenaata saha samasthahamudaavatama gambaaradevi rakavaranaya samaga mahaa bhadrakaali maaniyange aarakshaavanirantharavamalabevaa mevanimahajanasevayen jeevithraka gannemelabanapinobasiyalu deviyanta anumodanvewaa budusaranayi

  4. weera puthuni oba dedenaata saha samastha hamudaavatama gambaaradevi rakavaranaya samaga mahaa bhadrakaali maaniyange aarakshaavanirantharavamalabevaa mevanimahajanasevayen jeevithraka gannemelabanapinobasiyalu deviyanta anumodanvewaa budusaranayi

  5. ගැමුණු says:

    දිවි නොතකා මවක හා දරුවන් ගේ දිවි ගලවා ගැනීමට ඉදිරිපත් වූ ඔබ දෙපලට ගෞරවනීය ආචාරය පුද කරමු …!

  6. lucky says:

    GREAT HEROES!

  7. DDD says:

    Theruwan saranai Obata Viruwani, Aaawagema anathurata path oba siyaludenatama ikman suwaya lebewa. Nirantharayen Ape aaarakshaka anshawala oba aadarayen sihipathkarami.

  8. හාවා says:

    අනේ ! මෙහෙම කොල්ලොන් ට නේද මේ රටේ ම ඉන්න , උන්ගෙන්ම රැකෙන , සමහර උන් , ගරහන්නේ .

  9. Angoda Buva says:

    ඔබ දෙදෙනාට ජාතියේ උත්තමාචාරය හිමි වේවා.

    ඔබ දෙදෙනාට ඡයෙන් ජයම වේවා…

  10. Chinthaka says:

    අන්තරේ කාඩ්බෝඩ් වීරයනට, සමනලීලට අනුව අටපාස් එවුන් කියල අපහාස කරන මෝඩ හරක් රැලට මේව පෙන්නනම ඕනෙ.

  11. sathya says:

    Army dennawa kawuru hari thallu kala wenna barida

    • Me3 says:

      තමුන් ඒ පැත්තට නොගිය නිසා ඵහෙම වෙන්න බෑ

    • snb says:

      sathya, මේ වගේ කතා ඇත්තට කිවත් විහිලුවට කිවත් පේන්නේ තොගේ සක්කිලි කම.

    • 18 කනුව says:

      sathya නමින් ලිව්වට පට්ට බොරු ලියන JVPහෝ UNP කුලියට ලියන්නෙක් තමුන්ගේ පාදඩ ආත්මය මෙන්ම ජාතකේ අඩුවද රටට පෙන්වයි.

  12. chamila says:

    Ape rate inna dewiwaru thami may.
    Godak Pin…

  13. Priyanka says:

    Theruwan Saranai Oyalata

  14. Giann says:

    Show this to the Diaspora, TNA leaders and Vigneshwaran. They might learn something out of it….

  15. Sun says:

    Thank you boys for your great work. That is the nature of real soldiers and wish you all the best.

Main News