සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස නම් එකවරම රෝහල් යන්න එපා.. රජය දැනුම් දෙයි..

April 5, 2020 at 12:40 pm | lanka C news
සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස නම් එකවරම රෝහල් යන්න එපා.. රජය දැනුම් දෙයි..

සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස යන ස්වසන අපහසුතා පවතින්නේ නම් ප‍්‍රතිකාර සදහා එකවරම රෝහලකට යෑමෙන් වැලකින්නයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී.

එම රෝග ලක්‍ෂණ ඇත්තේ නම් ‘1390’ ක්ෂණික දුරකතන අංකය අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නැයිද අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ආසාදිතයන් යයි සැක පුද්ගලයන් වේලාසන හදුනා ගැනීමටත් රෝහල් කාර්ය මණ්ඩල ආසාදනයෙන් රැුක ගැනීමටත් මෙම පියවර ගෙන ඇත.

652 views

6 Comments to “සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස නම් එකවරම රෝහල් යන්න එපා.. රජය දැනුම් දෙයි..”

  1. Saman says:

    උදේට ශාරීරික වියායාම මිනිත්තු 15 ක් විනාශය කරන්න

    • Saman says:

      විනාශය. ….විකාශය ලෙස නිවැරදි වියයුතුයි

  2. නිමල් says:

    කොරොනා පිටින් දාලා ඉස්පිරිතාලවලට ලෙඩ්ඩුන්ට එන්න එපා කියන එච්චරම හොඳ නැ නේද! පොඩි දරුවෙකුට මේ වගේ හදිසි තත්වයක් ආවෝත් ටෙලිපොන් එකෙන් බෙහෙත් කරන්නත් බැ! – රට වැසියෙකු ලෙස මම නං ඉලන්නේ සාමාන්‍ය රෝහල් සේවා පවත්වාගෙන යන්න කියලා – හැබැයි ඉතිං හෙම්බිරිස්සාව කැස්ස තියෙන හැමෝම කොරොනා කියල බෝඩ් ගහන්නත් එපා – ගමේ ඉන්න හම්බවෙන්නැ… නිරෝධායනය වෙලා එන අයට ගම්වල මාර ප්‍රශ්න…

  3. අනික් රටවල කොරෝනා මඩින්න වෙන මොනව නැතත් මෙන්න මේ උපදෙස කලින්ම දුන්නා.. අපේ රටෙත් මේ පනිවුඩය පැහැදිලිව ජනතාව අතරට යවන්න ඕනැ.. එතකොට සාමාන්‍ය කැස්ස, හෙම්බිරිස්සාවට අත් බෙහෙත් බීලා ගෙදර ඉන්න පුලුවන්. අමාරු අයට අර නොම්මරයට කතා උප්දෙස් ලැබෙන විදියට රෝහල් වලට ගිහෑකි..එතකොට ගාල කඩාගෙන 20-30 පිරිවරා ගෙන රෝහල් වලට දුවන කොරෝනා කාරයන් නිසා වාට්ටු පිටින් වහන්නත් කාර්‍ය මන්ඩල නිරෝධායනය ත් වලක්වා ගත හැකියි..
    මේ නොම්මරය තියෙන්නෙ ටෙලිපෝනයෙන් බෙහෙත් දෙන්න නෙමෙයි..අවශ්‍ය උපදෙස් දෙන්න..පිටරට වල කොහොමත් හුගක් telephone consultation and remote reviews තමයි..කාර්‍යමන්ඩල බිලි දෙන්න බැහැ නිරපරාදෙ.

  4. Love nature says:

    සෑම දිනකම උදේ සවස ගෙදරක සියලු දෙනාම ලෙඩක් තිබුනත් නැතත් 5ස් පංගුව බිමෙන් හුගාක් දුරට මෙයින් ගැලවෙන්න හැකියාව ඇත. කුඩා ළදරුවන් හැර.

  5. Siri says:

    කොරෝනා හැදිලා හොඳවුන කෙනෙක් පුලුවන් නම් මූලික රෝග ලක්ෂණ හා ඇතිවුණු අපහසු කම් ටික පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද

Main News