සෙල්ලම් පිස්තෝල නගරාධිපති දේපල කොල්ලයකට ඉඩමකට පැන යකා නටයි..
September 16, 2021 at 12:00 pm | lanka C news
හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප්රනාන්දු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
බම්බලපිටියේ පිහිටි පෞද්ගලික ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂකයින්ට පහර දී තුවාල සිදු කළේ යයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්රියාත්මක වෙයි.
පහරදීමෙන් තුවාල ආරක්ෂක නිලධාරියෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එරාජ් ප්රනාන්දු මහතා මීට පෙර මෙම ඉඩමට අයුතු ලෙස ඇතුලත් වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද පොලිසියට කරුණු වාර්තා වී තිබේ.
අදාළ ඉඩම සින්නක්කර ඔප්පු සහිත පාර්ශවයක්ද ප්රකාශය ඔප්පු සහිත පාර්ශවයක්ද අයිතිවාසිකම් කියන අතර එය අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවට නගරාධිපතිවරයාටද චෝදනා එල්ල වෙයි.
මෙන්න මේ වගේ වනචාරින්ව ගස් බදින්න ඕනි. අනුන්ගේ ඉඩං කොල්ල කන්න යනවට. නිකන් චොරවෙන්වා මුන්. පිස්සෝ.
මේ දුරාචාර බේබද්දා අම්මපා අපේ සැර්ගේ ගජයෝ ටික..
මේ වාගේම මංකොල්ල කෑමක් නුවර එළියේ හිටපු නගරාධිපතිගේ මලයා කරනවා . ළඟදීම හෙළිවේවි ගමේ දොඩම්ලා ගැන . ආණ්ඩුවෙන් අහිංසක කෙනෙකුට බලපත්ර දීපු ඉඩමක් ලෝයර් කෙනෙක් ලවා වික්කා කියලා ගිවිසුමක් හදලා. හැබැයි නුවර එළිය පොලිසියට පැමිණිලි කරළත් මොකුත් කරලා නැ .නමුත් වැඩේ දැන් පත්තු වෙලා උසාවිය නිසා