සෙල්ලම ලෙල්ලම වෙයි.. නීතිය තිතට.. පැහැරගත් බව කියන කාන්තාවට රටින් පිටවිම තහනම්..

December 3, 2019 at 1:20 pm | lanka C news
සෙල්ලම ලෙල්ලම වෙයි.. නීතිය තිතට.. පැහැරගත් බව කියන කාන්තාවට රටින් පිටවිම තහනම්..

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකට පැහැරගෙන ගියේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් අදාල කාන්තාවට රටින් බැහැර වීම වළක්වා ඇති බව නිල නොවන වාර්තා උපුටමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල තැනැත්තියගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇතැයි පවසමින් විදේශගත කිරීමට උත්සාහ කරමින් සිටින නමුත් මේ වන තෙක් ඇය කිසිදු ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදී නැත.

නමුත් ස්විස් තානාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පමණක් පරීක්ෂණ පැවැත්වෙමින් ඇතත් අදාල පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගේ ප්‍රකාශයක් නොමැතිව පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සිදුවූයේ කුමක්දැයි ස්ථිර පැවසීම සඳහා අදාළ කාන්තාවගේ ප්‍රකාශය අත්‍යවශ්‍ය වන බවයි.

මේ අතර එම තානාපති කාර්යාලය විසින් ලබාදුන් තොරතුරු අසත්‍ය බව විද්‍යාත්මක තොරතුරු මත පරීක්ෂණ කරන ලද පොලිස් කණ්ඩායම් විසින් දැනුම් දී ඇත්තේ වාර්තාද සමඟයි.

97,223 Viewers

31 Comments to “සෙල්ලම ලෙල්ලම වෙයි.. නීතිය තිතට.. පැහැරගත් බව කියන කාන්තාවට රටින් පිටවිම තහනම්..”

  1. Herath Banda Karaliyada says:

    Swiss Govt and its Embassy must respect rule of law in Sri lanka.
    After Embassy made complain to govt of Sri lanka.
    We needed to impartial an inquire of matter concern of kidnapped by some one.
    The complain is serious offence whom were involved regardless their back ground,which that we have see fair verdicts of that!
    Swiss Embassy authorship have to co-operated with ongoing an inquire. …CID of Police services.
    That is good for all parties are concern.
    We are right thinking citizens of Sri Lanakn would like know what has happen of kidnapped issue resolved by our government.
    We are watching that development of violation of rights of other citizens ?
    Embassy of Swiss having responsibility and accountability of that should go on investigation right direction by our Govt..Sri Lanka.
    Let us see the truth of story of Embassy of Swiss complain by Ambassador of Swiss