සෙසු පක්‍ෂ සටන අකුලාගනී.. ආසනයකට පක්‍ෂයකින් අපේක්‍ෂකයන් 03කට එකග වෙති…

April 20, 2021 at 11:20 am | lanka C news
සෙසු පක්‍ෂ සටන අකුලාගනී.. ආසනයකට පක්‍ෂයකින් අපේක්‍ෂකයන් 03කට එකග වෙති…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකට එක පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවය පළ වී තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම එකඟතාවය පළ කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සම්පත් අතුකෝරල මන්ත්‍රීවරයා එය ස්ථිර කර තිබේ.

මෙම හමුව සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබිණි.

කෙසේ වෙතත් කලින් මෙම යෝජනාවට ආණ්ඩුවේ සෙසු පක්ෂ බහුතරයක් දැඩි විරෝධය පළ කර තිබුණු අතර එම යෝජනාවට එකගතාවක් නොපැවතීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යන ලකුණු ද පෙනෙන්ට තිබිණි.

39,230 views

3 Comments to “සෙසු පක්‍ෂ සටන අකුලාගනී.. ආසනයකට පක්‍ෂයකින් අපේක්‍ෂකයන් 03කට එකග වෙති…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කාමරේකට කැදවලා කරුණු පැහැදිලි කිරීමකින් පසු කන පැලී රෝහල් ගතවූ කඩුවෙල සුසිලුන් මතක් වෙලා ඔක්කොටම එහෙයි කියවෙන්න ඇති.

    • තෙල බෙදන අපේ මෙරුවා.. පිලිකාව රටට බෙදුවා.. says:

      මුන්ගේ කයියයි පඩ ගඳයි විතරයි.. ලොරි ටෝක් දීලා පොඩ්ඩක් මිනිස්සු අහක බලනකන් ඉඳලා සරම පහත් කරලා මිස්ටර් 20% මෙගා ඩීල් බෑශීල් හලාල් පක්ශ ට දෙකට නැමෙනවා හූ… xD

  2. Ras says:

    මේ යෝජනාව මමත් ආන්ඩුවට ඉදිරිපත් කලා. මම නම් යෝජනා කලේ මනාප ක්‍රමය දිස්ත්‍රික් ක්‍රමයෙන් නැතිව ආසන මට්ටමට ගෙන ඒමත් ඒ සදහා එක් පක්ශයකින් පුද්ගලයන් තිදෙනෙක් යෝජනා කිරීමත් ඔවුන් අතරින් ආසනයේ ජනතාව කැමති කෙනෙක් පත්කිරීමත්ය. නමුත් මෙහි යෝජනා කරන පත්කිරීමේ ක්‍රමය කුමක්දැයි නොදනිමි.

Main News