සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයත් වසා දමයි.. රැදවියන් කොරෝනා පරීක්ෂණවලට..
July 11, 2020 at 12:02 am | lanka C news
වැලිකන්ද සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් 350 කට වැඩි පිරිසකට කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කර ඇත.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට 105ක පමණ රැදවියන් පිරිසක් පසුගිය 30 වැනිදා වැලිකන්ද සේනපුර මධ්‍යස්ථානයට මාරුකර යැවීම නිසා මෙම පරීක්ෂණ සිදු කර ඇත.
කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් වැඩිවීම හේතුවෙන් අතිරික්ත පිරිස් 105 දෙනකු සේනපුර යවා ඇති අතර ඒ හේතුවෙන් එහි කොරෝනා ව්‍යාප්තියක් සිදුව ඇතැයි සැකයෙන් මෙම පියවර ගෙන ඇත.
වැලිකන්ද සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය මේ වන විට හුදෙකලා කිරීමට ද පියවර ගෙන තිබේ.
Ai me ayata thama notherenne kotas washayen danna.atleast 50 wage.ekagode noda..the same thing happens in the navy early.