සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

June 5, 2020 at 3:22 am | lanka C news
සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

තමන් ලේකම්වරුන්‍ මාර්ගයෙන් දාපු ඩීල් එකක හඬ පට තිබෙනවා නම් ඒවා එළියට දෙන්නැයි හිටපු අමාත්‍ය, අර්ජුන රණතුංග මහතා ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අභියෝග කරයි.

ඒ නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියකු හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසූ අවස්ථාවේදීය.

සියල්ලට ප්‍රථමයෙන් නිශ්ශංක සේනාධිපති මුදල් හම්බ කළේ කෙසේදැයි මේ ආණ්ඩුව සෙවිය යුතු බව ද අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

ජනාධිතිපතිතුමාට පවා කෙළින් කථා කරන්න පුළුවන් වන්නේ එවිට යැයිද අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

”ඔය මනුෂ්‍යයා ඇවිල්ලා කතාකාරයෙක්. ලොකුවට කතා කළාට කිසි දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. රටේ සල්ලි හොරකම් කරපු පුද්ගලයෙක්. ආණ්ඩුවට එන සල්ලිනේ මේ මිනිහා සාක්කුවේ දාගෙන තියෙන්නේ. ඒකට නාවික හමුදාවේ සමහර ජ්‍යෙෂ්ඨයින්ව අල්ලා ගත්තා. හිටපු හමුදාපතිවරුන් අල්ලා ගත්තා.

මම එතුමා ගැන හොඳ වාර්තාවක් දෙන්නම්. මොකද මම මේ සිදුවීම ගැන හොඳට අධ්‍යනය කරලා තියෙනවා. මිනිහා කරලා තියෙනවා දේවල් ඔක්කොම දන්නවා. කොහොමද ගත්තේ කියන එකත් දන්නවා. එයාට මෙතැන ඉන්‍න හම්බ වෙන්නේ නැහැ මම හරියට කතා කළොත්.

ඔය නිශ්ශංක කියන පුද්ගලයා ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද කියලා හොයන්නකෝ. ඊට වඩා තව යටින් තියෙන ව්‍යාපාර කියලත් ඔය ගොල්ලෝ හොයන්න. මම ඕවට කතා කරන්න යන්නේ නැහැ.

සාමාන්‍යයෙන් හමුදාවේ හිටිය පුද්ගලයෙක් ඔච්චර මුදල් හම්බ වෙන්න එක්කෝ රටේ මුදල් මිනිහා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයක වෙන මුදල් ගන්නවා ඇති. ඒව ගැන හොයලා බලන්න ඕන.

දැන් මේ අලුතින් ආවේ අපේ විරුවෙක්නේ ආවේ. හරි දේ කරන්නනේ ආවේ අපේ ගෝඨාභය මහත්තයා. ඉස්සෙල්ලා ම කරන්න නිශ්ශංක සේනාධිපතිගේ තියෙන හොරකම් ටික හොයලා බලන්න, කොච්චර ගෙවන්න තියෙනවද කියලා. ඒවා ඉස්සෙල්ලා ම අර ගන්න. එ‍‍තකොට ජනාධිපතිතුමාට කෙලින් කතා කරන්න පුළුවන් කියලා හිතනවා.

නමුත් මම හිතන්නේ නෑ ජනාධිපතිතුමාටත් ඕව කරන්න පුළුවන් කියලා. ගෝඨාභය මහත්තයටත් සමහර වෙලාවට ඔය කිව්වට මේ මිනිස්සුන්ට, සම්බන්ධකම් ඇති…”යි ද අර්ජුන රණතුංග මහතා එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

– තමීර මංජු

143 views

48 Comments to “සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කැප්ටන් කූල් ගින්දර නැතුවම​ රත්වෙන්න පටන් ගත්තෙ ඇයි?

  2. Kalakanni niroshan badaaa d s senanayake college says:

    Bring it on nissanka. Dont go for hiding now. Disclose how you became a millionere from major in army force

  3. විපුල ගුණරත්න says:

    කවුද බං මූට පබ්ලිසිටි දෙන්නෙ ….මූ මිනී මරුවෙක් සහ වලත්ත අපතයෙක්නේ….? මූ කරපු හොරකම් සේරම අපි දන්නවා…ඵදා ඉඳල මුගෙ පවුලම පට්ට හොරු… අර ප්‍රසන්න රණතුංග පේන්නෙ නැද්ද ඌට උසාවි වල නඩු තියෙද්දී මහින්ද ඌට ඇමතිකම් දීලා…? වෙන රටවල නං මුන් ඉන්න ඕනෙ හිර ගෙවල් වල…? කොහොම උනත් මේ වගේ සක්කිළින්ව ලැයිස්තුවෙන් යවන්න දෙන්න හොඳ නැහැ….ගම්පහ ඉන්න අං පහ තියෙන හැත්ත මේ පාරවත් මුංගෙ පවුලට ගෑවිච්ච ඵකෙකුටවත් ඡන්දෙ දෙන්න ඵපා කියල හිතුවොත් හොඳා….!!!

  4. විපුල ගුණරත්න says:

    කවුද බං මූට පබ්ලිසිටි දෙන්නෙ ….මූ මිනී මරුවෙක් සහ වලත්ත අපතයෙක්නේ….? මූ කරපු හොරකම් සේරම අපි දන්නවා…ඵදා ඉඳල මුගෙ පවුලම පට්ට හොරු… අර ප්‍රසන්න රණතුංග පේන්නෙ නැද්ද ඌට උසාවි වල නඩු තියෙද්දී මහින්ද ඌට ඇමතිකම් දීලා…? වෙන රටවල නං මුන් ඉන්න ඕනෙ හිර ගෙවල් වල…? කොහොම උනත් මේ වගේ සක්කිළින්ව ලැයිස්තුවෙන් යවන්න දෙන්න හොඳ නැහැ….ගම්පහ ඉන්න අං පහ තියෙන හැත්ත මේ පාරවත් මුංගෙ පවුලට ගෑවිච්ච ඵකෙකුටවත් ඡන්දෙ දෙන්න ඵපා කියල හිතුවොත් හොඳා….!!!
    මුංගෙ පවුලෙ ඉන්නෙ තක්කඩි,මැරයො,අපතයො සහ පට්ට හොරු ඒ බව මතක තියා ගනිල්ලා….

  5. විපුල ගුණරත්න says:

    මුගෙ පවුලෙ ඉන්නෙ තක්කඩි,මැරයො,අපතයො සහ පට්ට හොරු ඒ බව මතක තියා ගනිල්ලා….

  6. Wasanth says:

    අර්ජුන මහත්තයෝ ඔයා ඔයාගේ job එක හරියට කෙරුවේ නෑ. ඔයා වරාය ඇමති වෙලා ඉන්නකොට පවුලේ කීදෙනෙක් ඒකට දාගත්ත ද? එතන තිබුන official residence එකට කෝටි ගානක බඩු order කරලා ඒවා ගියේ කොහාටද? විශේෂයෙන්ම ලීබඩු. අපි නොදන්න මොණරතැන්න කීවලු.

  7. Manavi says:

    ඔයාලගේ පවුලේ අයගෙත් සේරම වත් කම් ඉදිරි පත් කලොත් තමා ඔයත් අවංක වෙන්නේ.

  8. Manavi says:

    අර්ජුන අවංක නම් පවුලේ අයගේ වත්කම් ඉදිරි පත් කරන්න.

  9. sana says:

    hamogema karaththa wala siyabala nam thiyenawa…owa hamogenma eliyata enawa…

Main News