සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි…

August 2, 2021 at 9:20 am | lanka C news
සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි…

අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අදාල සංවාදය හේතුවෙන් වික්‍රමසිංහ මහත්මිය ගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යැවීමට ලක් කරනු ලැබ තිබින.

මෙම තත්ත්වය මත එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් දන්වා ඇත.

මේ අතර තමනට මෙම හඬ පට සිදුවීම නිසා සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතා වෙත එන්තරවාසි ලිපියක් යවා තිබේ.

සන්ඩේ ටයිම්ස් වාර්තාව මෙතනින්

116,845 views

50 Comments to “සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි…”

  1. pol be muna- vjitha herath says:

    dan ay – oya sunday times kiyanne pacha patharayak yako

    • Jepi buster says:

      උබ ආපහු ඉස්කෝලෙ පලයන්

      • හේනේ මාමා says:

        සේරටම ඉස්සෙල්ලා ‍තෝ ඉස්කෝලෙ පල. දිල්රුක්ශි වික්‍රමසිංහ කියන්නේ රනිල්ගේ නෑයෙක්. සන්ඩේ ටයිම්ස් කියන්නේ කාගේ පත්තරයක්ද කියල හොයල බලපන්. ඊට පස්සෙ කොමෙන්ට් කරන්න වරෙන්. සේනාධිපතිගේ හඬපට බොරුනම්, රංජන්ගේ හඬපට වලින් ඔය කියන කතාව ආපහු තහවුරු වෙනව. ඒවත් අහල වරෙන්. “මැඩම්” ගෙ රෙදි ගලවල තියෙන්නෙ රංජන්.

        • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          පරිපාලන අභියාචනා විනිශ්චය සභාව කියන්නෙ රජයේ ආයතනයක්. හේනෙ මාමා නමින් ලියන අමු ගොන වහල් බයියෝ උබ ඉස්සරවෙලාම මොන්ටිසෝරි පලයන්

          • හේනේ මාමා says:

            ඇත්තට? ඒක රාජ්‍ය ආයතනයක්ද? හම්මේ බලන්න මෙතුමා දන්න තරමක්. මම දැනගෙන හිටියෙ නෑ නෙ. හරි මම මොන්ටිසෝරි යන්නන් හොඳේ. අනිත් එක “සංස්කරනය කිරීම” සහ “ව්‍යාජ” කියන එක දෙකක් කියලයි මම හිතන් හිටියේ. තව දෙයක් , මා හරි ජගතා මා හරි උගතා කියනා මිනිහා මෝඩයෙකී කියල කවුදෝ කට කහනවටද කොහෙද කියල තිබුනා.

          • Jayan says:

            අනුන්ට මොලයක් හොයන්න කලින් තමුන්ගෙ මොලේ පාදගත්තොත් නරකද. මංගල බලකායෙ රුපියල් 500ට කොමෙන්ට් කොටන කාලකන්නි.

          • Rathnaweera says:

            අඩේ මැඩම්ට බනිනකොට ඩෝං ගියපු උන් බලපල්ලා. මැඩම්ම තමයි ඕව පිලිඅරගෙන පැත්තකට වුනේ. රනිල් මහින්දට කියන්න ඇති නෑනට ආපහු ජොබ් එක අරන් දෙන්න කියලා. උන් තරහා වේදිකාවෙ විතරයි. තොපි එක එකාට බැන බැන හිටපල්ලා. අරුන්ට මුන්ට මොල දෙන්න්න කලින් තොපි මොලේ පාවිච්චි කරපල්ලා. මෝඩ හැත්ත.

          • Wijesekara says:

            පරිපාලන අභියාචනා විනිශ්චය සභාව කියන්නෙ රජයේ ආයතනයක් වුනාට සන්ඩේ ටයිම්ස් කියන්නේ පච පත්තරයක් කියන එක වෙනස් වෙන්නෙ නෑ නේද? හපෝ 3% උන්ගේ සිතීමේ රටාව. ඒ වුනාට හිතන් ඉන්නේ හෙන මොලකරුවො කියල.

  2. අනේ පව් says:

    හම්මේ “මැඩම්” හොඳ වෙලාද දැන්. මැඩම් ම තමයි පිලිගත්තේ ඒ හඬපට තමන්ගේ කියලා. කමක් නෑ ඉතින් සිංහලයට මතක සති 2යිලුනේ. ඔය ගමන්ම නිශාන්ත කන්දප්පා වත් හෝදල ගමු.

  3. Saman says:

    සේනාදිපතියගෙ හුලන් බහී.

Main News