සේනා දළඹුවන් සහිත බඩ ඉරිගු ගස් බෝපත්තලාව රජයේ ගොවිපලට ගෙන ඒමට උත්සාහයක්…

December 30, 2018 at 12:40 pm | lanka C news
සේනා දළඹුවන් සහිත බඩ ඉරිගු ගස් බෝපත්තලාව රජයේ ගොවිපලට ගෙන ඒමට උත්සාහයක්…

බෝපත්තලාව රජය සත්ත්ව ගොවිපලේ සත්ත්ව ආහාර සදහා ලබා දිමට ප්‍රවහනය කිරිමට සුදානම් කර තිබු සේනා දළඹුවන් සහිත බඩ ඉරිගු ගස් තොගයක් එම ගොවිපොලේ සමාන්‍යාධිකාරිවරයාගේ මැදිහත් විමක් මගින් නතර කර ගැනිමට හැකි වු  බව බෝපත්තලාව ඉසිපතානාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍යය නිශ්ශංකමල්ලපුර සාරානන්ද හිමියන් පැවසිය.

කුරුණැගල ප්‍රදේශයේ රජයේ ගොවිපොලක වගා කර තිබු බඩ ඉරිගු වගාවකට සේනා දළඹුවන් ව්‍යාප්ත වි ඇති නිසා එම බඩ ඉරිගු වගාව විනාශ කිරිමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් උපදෙස් දි තිබියදි එම බඩ ඉරිගු ගස් කපා ඉකුත් (28) දින බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ ගවයන්ට ආහාර පිනිස ලබාදිමට ප්‍රවහනය කිරිමට සැලසුම් කර තිබු බව නිශ්ශංකපුර සාරානන්ද හිමියන් කියා සිටියේය.

මේ පිලිබදව තමන්ට තොරතුරු ලද විගසම ගොවිපල භාර සමාන්‍යාධිකාරිවරයා දැනුවත්  කිරිමෙන් පසු සමාන්‍යාධිකාරිවරයා  වහා ක්‍රියාත්මක වි එම බඩ ඉරිගු ප්‍රවහය කිරිම සම්පුර්ණයෙන්ම නතර කල බව උන් වහන්සේ කියා සිටිහ.

බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොලේ විශාල වශයෙන් තෘණ බිම් ඇති බවත් විශාල වශයෙන් එළවළු වගාව සිදු කරන නිසා බඩ ඉරිගු ගස් වලින් එම සේනා දළඹුවන් වගාවන් වලට ව්‍යාප්ත විමේ අවධානමක් තිබු බව නිශ්ශංකමල්ලපුර සාරානන්ද හිමියන් කියා සිටියේය.

මහවැලි ගගේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බෝපත්තලාව ප්‍රදේශයට සේනා දළඹුවන්  ව්‍යාප්ත වුවහොත් මහවැලි ගග හරහා රටේ විශාල ප්‍රදේශයකට සේනා දළඹුවන් ව්‍යාප්ත විමේ අවධානමක් තිබු බව උන්වහන්සේ කියා සිටියේය.

මේ අතර හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වාණිජ වශයෙන් පවත්වාගෙන යන පෞද්ගලික අංශයේ සත්ත්ව ගොවිපොලවල් ගණනාවකට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දිනපතා ලොරි රථ මගින් විශාල වශයෙන් කපා ඉවත් කරන බඩ ඉරිගු ගස් එම ගොවිපොලවල් වල සතුන්ට ආහාර පිනිස ලබා දිමට ප්‍රවහනය කරනු ලබයි.

එම බඩ ඉරිගු ගස් වලින් සේනා දළඹුවා කන්ද උඩරට තේ වගාව සහ එළවළු වගාවටද ව්‍යාප්ත විමේ අවධානමක් පවතින නිසා සතුන්ට ආහාර පිනිස ලබාදිමට ප්‍රවහනය කරන බඩ ඉරිගු ගස් පිලිබදව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු විය යුගු බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,424 Viewers
Main News