සේනා දළඹුවා රටම හිරිවට්ටයි.. ඉරිගු, කෙසෙල්, එලවලූවලටද පැතිරේ..

January 21, 2019 at 6:36 am | lanka C news
සේනා දළඹුවා රටම හිරිවට්ටයි.. ඉරිගු, කෙසෙල්, එලවලූවලටද පැතිරේ..

‘මාධ්‍ය හරඹ කරන්නේ නැතිව වහාම කෘෂිකර්ම අමාත්‍ය වරයා ප්‍රමුක ආන්ඩුව සෙනා දලඹුවාගේ ආක්‍රඹනයට ලක්වූ ගොවීන් වෙනුවෙන් වහාම වන්දි ගෙවිය යුතුයි.එසේ නොවන්නේ නම් සමස්ථ ගොවීන් සමග එක්ව කෘෂිකර්ම අමාත්‍යාංශය වැටලීම සිදු කරනව’ ගොවී අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය ප්‍රෙද්ශයේ සේනා දලඹුවන් විසින් ආක්‍රමණය කරන ලද බඩ ඉරිගු කෙසෙල් බණ්ඩක්කා වගාවන්හි සංචාරයක නිරතවෙමිනි.

ඇඹිලිපිටිය මහවැලි වලව ගොවි බිම් මේ වන විට ඉතා සීග්‍රෙයන් සේනා දළඹුවන් ව්‍යාප්ත වෙමින් පවතී.

එම සංචාරය අතර තුර මාධ්‍යයට අදහස් දක්වමින් ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති වරයා වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුව ව්‍යවස්ථාවක එල්ලී සිටිනවා.රටේ සමස්ථ ගොවි පරපුරම සේනා දළඹුවාගේ ගොදුරට ලක්වෙලා.ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙලක් නැහැ මේක මර්ධනය කරන්න.මේ වන විට ඔවුන් තමන්ගේ වගාවන් විනාශ කර දාල තමයි මේ උවදුරෙන් බේරෙන්න හදන්නේ.ගොවිජනතාවට උවමනා ව්‍යවස්ථාවක් නෙවෙයි,මේ මහා උවදුරෙන් බේරෙන්න.

වහාම රජය මැදිහත්වෙලා මේ විනාශ වූ ගොවිබිම් සදහා සාධාරණ වන්දියක් ලබාදිය යුතුයි.අපි ආණ්ඩුවට බල කර සිටිනවා මේ කටයුත්ත ඉක්මනින් සිදුකර ගොවීන්ගේ ණය වලින් බේරෙන්න සාධාරණ වන්දියක් දෙන්න කියල.

මේ වන විට ගොවීන් කබලෙන් ලිපට වැටිල ඉන්නේ.තමන්ගේ කණ කර උගස් කරල,පොලියට සල්ලි අරගෙන බැංකු ණය අරගෙනයි මේ වගාවන් සිදු කරන්නේ.මේ වන විට සේනා වසංගතය,බණ්ඩක්කා,කෙසෙල්,ඇතුලු මෙම ප්‍රෙද්ශ වල වගා කරන අනෙකුත් බෝග සදහාද පැතිර යමින් පවතිනවා.ඉක්මනින් මෙය මර්ධනය කල යුතුයි.ඒක ආණ්ඩුවේ වගකීම. යයි ගයාන් දිසානායක මහතා කීය.

– ප්‍රගීත් ජනක

10,262 Viewers

3 Comments to “සේනා දළඹුවා රටම හිරිවට්ටයි.. ඉරිගු, කෙසෙල්, එලවලූවලටද පැතිරේ..”

  1. හැකහැක says:

    සමනල්ලු ලවා වැඩේ හරියට කරගන්න බැරිවුන නිසා දලඹුවෝ දාලා බලනවා.
    “බොදු බල සේනා” එවලා බැරි වුනාම “දළඹු සේනා” එවනවා.
    එකක්වත් හරියන්නේ නැති කොට අන්තිමට ඇමරිකන් සේනාම එයි.

    • Kalpana says:

      මේ රට කරන කලු සුද්දනට බෑ..උන්ට ප්‍රශ්නය ක් උණොත් සුද්දගෙ උසාවියට ගිහිල්ල එක තින්දුව යි. උන්ගෙ ප්‍රශ්න බේරා ගන්නව..කෝ ඔය නඩුදාන කාක්කෝ…

  2. සිංහල බන්ඩා says:

    මහබැංකුව මහදවල් හොරා කෑ අලිකොටිසීනු කල්ලිය ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපැත්තේම ඉඳගෙන ජනතාවට පච කෙලමින් රටේ සියලු ප්‍රශ්ණ විසදන්න යන්නේ රට කෑලි නවයකට කඩන නව ව්‍යවස්ථාවෙන් බව අපි යූඑන්පී මෝඩයින්ට හැර අන් සියල්ලන්ටම පැහැදිලිය්.

Main News