සේනා දළඹු මඩින බෙහෙත සෙවණගල ගෙවිලියක් සොයාගනී.. පැය බාගෙන් දළඹුවන් ඉවරයි..

January 21, 2019 at 10:00 am | lanka C news
සේනා දළඹු මඩින බෙහෙත සෙවණගල ගෙවිලියක් සොයාගනී.. පැය බාගෙන් දළඹුවන් ඉවරයි..

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඉතා සාර්ථක දේශීය රසායනික ඔෟෂධයක් නිෂ්පාදනය කිරීමට සෙවණගල, මහගම, සමඟිපුර ප්‍රදේශයේ ගෙවිලියක් සමත් වී සිටී.

සෙවණගල, මහගම අංක 77, සමාධිපුර පදිංචි ඩී.එල්.ජී. ශ්‍රියානි මහත්මිය මෙම ඔෟෂධය නිපදවා ඇත. ඇය විසින් වගා කර ඇති බඩඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් හානි පැමිණීම හේතුවෙන් දේශීය ඔෟෂධ කොළ එකතු කර කොටා දවසක් ජලයේ බහා තබා පසුව එය මිරිකා රැගෙන ලීටර් 16 කෘෂි රසායනික යොදන ටැංකියකට සාදා ගන්නා ලද රසායනික ඔෟෂධ අවුන්ස 08ක් පමණ යොදා ජලයේ කලවම් කර ඉරිඟු ගසේ ගොබය තුළට එකී ද්‍රව්‍ය කාවදින පරිදි රසායනික ඔෟෂධය යොදා ඇත.

විනාඩි 30ක පමණ කාලයක් තුළ දළඹුවන් සියල්ල මියගොස් බිම වැටී ඇත. ඒ අනුව ඇය පැරකුම් ගොවි සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ට සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මෙම ඔෟෂධය ලබාදීමට කටයුතු කර ඇත.

පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ආර්. එම්. විජේරත්න මහතා කියා සිටියේ සේනා දළඹුවා මර්දනය කළ නොහැකි බවට පැතිර ඇති කතා අනුව මෙම ඔෟෂධය සාර්ථක නිෂ්පාදනයක් වන බවය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය දැනුවත් කළත් ඒ පිළිබඳ ඔවුන් එපමණ උනන්දුවක් දැක්වූයේ නැහැ. ජනාධිපතිතුමා හා කෘෂිකර්ම ඇමැතිතුමාගේ අවධානය මේ ගැන යොමුවෙයි කියලා මම හිතනවා.

මෙම පළිබෝධ නාශකය නිෂ්පාදනය කරල තියෙන්නේ දේශීය කොළ වර්ග යොදාගෙනයි. පරිසර හිතකාමී ඔෟෂධයක් ලෙස මෙය වගාවට යෙදිය හැකියි. රජයේ හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර මෙම ඔෟෂධය වැඩිදියුණු කර ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා නම් ලොකු දෙයක්.

– mawbima

35,089 Viewers

15 Comments to “සේනා දළඹු මඩින බෙහෙත සෙවණගල ගෙවිලියක් සොයාගනී.. පැය බාගෙන් දළඹුවන් ඉවරයි..”

  1. Nagasinha says:

    ඔන්න දැන් මොන්සන්ටෝ කාරයා ඔකේ රසායනික සංයෝගය හොයාගෙන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා මුළු ලෝකෙටම බෙදන අතරේ අපිටත් බෙදයි. ඊට කලින් දේශීය වියාපාරිකයෙක් හරි මේ කාන්තාව සමග එක්ව මෙයට පේටන්ට් එක අරගෙන කාර්මිකව නිපදවීම කලොත් නරකද?

    • Ranabahu says:

      Very good idea.

    • Sanath says:

      සහතික ඇත්ත.හැමදාම වෙන්නේ ඕකයි. අත යටින් ගාන එනවානම්, තව වෙන මොනවද?

    • නුවන් සමරසිංහ says:

      අනිවාර්යෙන්ම ඇත්ත ඒවගේම තමයි මොන්සන්ටෝ සල්ලි අරගෙන උන්ගේ පැත්තට කතා කරපු මහාචාරිය කියල කියාගන්න රසායනික විද්‍යාව ගණිකා වුර්තියේ යොදවන පණ්ඩිතයෝ අර එදා ගල්යිපොස්පෙට් වකුගඩු රෝගයට සම්බන්දයක් නෑ කිව්වා වගේ කියාවි මේ ගෙවිලිය සොයාගත්ත රසායනය කිසිම වැඩක් නෑ මොනසන්ටෝ බෙහෙත් තමයි නිවැරදි බෙහෙත කියල .
      පසුගිය කාලේ ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල රුපවාහිනියේ මිනිසුන්ට රසායනික දේවල් වල ගුණ ගැන ප්‍රත්‍යක්ෂයෙන් කතා කරපු ස්වාදීන යි කියල පෙන්නපු මහාචාරියලා ආචාරියල බොහෝ දෙනෙක් පසුව අහුවුනා උන් රසායනික නිපදවන කොම්පනිවලින් හොරෙන් පඩි ගන්න එවුන් කියල .අපෙත් ඔය කතා කරපු උන් සහ රසායනික රෙජිස්ටාර්ලා ඇතුළු නිලතල බොහොමයක් උන් අදත් පඩි කන්නේ රසායනික කොම්,පැණි වලින් .ඇමරිකන් වෝටර් එකට ,ඇන්කර් එකට විරුද්දව පැමිණිලි ආවේලාවේ ඒවා ආරක්ෂා කරන්න ඔය නිලධාරින් පුදුම මහන්සියක්ල් ගත්තේ හරියටම අර unp ආණ්ඩුව ආරක්ෂා කරන්න ලිට්රෝ ගෑස් එකෙන් පඩි කාපු දඹර අමිල වගේ

    • "දළඹු මන්ත්‍රීය" says:

      සේනා දළඹුව රටට කරන විපත්තිය
      පෙනුනද රට කන කිච දළඹු මන්ත්‍රීය
      බෙහෙතට වඳ කර හැකිනෙ දළඹුවය
      සොයපන් වඳ බෙහෙත දළඹු මන්ත්‍රීය

    • උඹලට අපිට තේරෙන දේ මහ උන්ට තේරෙන්නෙ නෑ.උන් ඒක තේරුම්ගද්දි පෙරහැර ගිහින් ඉවරයි.

  2. Sri Lankan says:

    Onna mokek hari kaalakanniyek mekata akul helala mewa underestimate karala daai.

    Nattam commission illai.

    Ewa thamai me kaalakanninta karanna puluwan.

  3. අත්තා says:

    ආණ්ඩුවට කිව්වට වැඩක් නෑ. එයාලා හරි බිසී. ව්‍යවස්ථාවක් හදන්නත් තියෙනවා නේ. නිලධාරීන් පිළිගන්නෙත් බටහිරින් එන දෙයක් විතරයි . අපේ දේවල් විද්‍යාත්මක නෑ නේ

  4. ගරසරප says:

    දාන්න බුකියෙ සහ වෙනත් මාද්‍ය වල. මිනිස්සුම හොයාගනීවි.

  5. නයා says:

    දැන් වෙනකොට ලොකු සද්දයක් ගෙනියනවා මේක විසඳන්න කාබෝෆියුරාන් තමයි එකම බෙහෙත කියලා.
    ගොවි මහතුන් එය දන්නේ කුරේටර් කියලා.

    උත්සාහය ටොන් තිස් හතලිස් දාහක් කාබොෆියුරාන් ලංකාවේ පොළොව පුරාම විහිදුවා හරින්න.

    රටේ වසලා හමාර වෙයි ඒක කලොත්.

  6. LION says:

    අපේ රාවන රජ වසර 5000 කට පෙර ගුවන් යානා හැදුවානම් එම පරපුරෙන් එන අපට මේක මොන කජ්ජක්ද

  7. අප්පුහාමිගේ මුණුපුරා says:

    මහගම අංක 77, සමාධිපුර පදිංචි ඩී.එල්.ජී. ශ්‍රියානි මහත්මියනී පරිස්සම් වෙන්න . මොන්සේන්ටෝ (BASF) එකෙන් ඔයාව උස්සයි නැත්තම් මරයි

  8. කුවිපැංචා says:

    ඇයට තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

Main News