සේනා දළඹු වසංගතය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්.. කෘෂිකර්මය වනසා සියළු ආහාර රටින් ගෙන්වයි..- මහින්ද හෙලි කරයි..
January 21, 2019 at 12:01 am | lanka C news
සේනා දළඹු වසන්ගතය මෙම රජයේ රහසිගත වැඩපිලිවෙලක් යයි සැක කටයුතු බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේ රහසිගත වැඩපිලිවෙලක් මගින් කෘෂිකර්මය විනාශ කර ආහාර සියල්ල විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට රජය සැරසෙනවා විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
මෙම ගැටළුවේදී රජයේ නිහඬතාවය නිසා මෙම සැකය ඇතිවන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
අද දින අපගේ රට හසුරවනුයේ මහජන ජන්දයෙන් පත්වූ දේශපාලඥයන් වත් රටේ නායකයාවත් නොවේ. ඔවුන් ජනතාවගේ ජන්දයෙන් පත්ව රටේ සම්පත් හුරා කමින් සුර සැප විඳිතිග ඔවුන් ඇත්තෙන්ම ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් මගින් මෙහෙයවන ආයතන වල රුකඩ පමණි