සේනා රටම වසාගනී.. නුවරඑලියෙන්ද ප්‍රථම වතාවට සේනා දළඹුවා හමුවේ..

January 19, 2019 at 12:00 pm | lanka C news
සේනා රටම වසාගනී.. නුවරඑලියෙන්ද ප්‍රථම වතාවට සේනා දළඹුවා හමුවේ..

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමු  වි තිබේ. හැටන් රුවන්පුර ජනපදයෙ මෙසේ සේනා දළඹුවන් හමු වි ඇත

හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන  ජිවනෝපායක් ලෙස සිදු කරන අතර, එම ගොවින් එළවළු වගාව, තේ වගාව, සිදු කරයි.

හැටන් රුවන්පුර ගම්මානයේ ගොවියෙක් ඔහුට අයත් වගා භුමියේ ගෝවා, අමු මිරිස්, වගාව සිදු කරන අතරතුර අමතර ආදායමක් වශයෙන් බඩ ඉරිගු වගාවද සිදු කර ඇත.

දින කිහිපයක සිට වගා කර තිබු බඩ ඉරිගු ගස් කිසියම් කෘමියෙකු විසින් විනාශ කරන බවට ඔහුට හැගි ගිය නිසා ඔහු ඒ පිලිබදව සොයා බැලිමේදි බඩ ඉරිගු ගස් වල සේනා දළඹුන්  සහ සේනා දළඹුන්  බිත්තර දමා ඇති බවට තහවුරු විමත් සමගම වගා කර තිබු බඩ ඉරිගු ගස් කපා විනාශ කිරිමට එම ගොවියා  පියවර ගෙන ඇත.

හැටන් රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවා හමු විමත් සමගම සේනා දළඹුවන්  එළවළු වගාවට සහ තේ වගාවට ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බව ගොවින් කියා සිටියි.

හැටන් සහ නුවරඑලිය ප්‍රදේශයේ රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යන සත්ත්ව ගොවිපොලවල් වල ඇති කරන ගවයන්ට ආහාර පිණිස ලබා දිමට පිට පළාත් වලින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිර්දේෂයකින් තොරව දිනපතා ලොරි රථ වලින් පිට පලාත් වල සිට බඩ ඉරිගු ගස් ප්‍රවහනය කරන අතර, එම බඩඉරිගු ගස් මගින් සේනා දළඹුවන් හැටන් ප්‍රදේශයට ව්‍යාප්ත වන්නට ඇති බව හැටන් රුවන්පුර ජනපදයේ ගොවින් සැකකරයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,879 Viewers

One Comment to “සේනා රටම වසාගනී.. නුවරඑලියෙන්ද ප්‍රථම වතාවට සේනා දළඹුවා හමුවේ..”

  1. Sam says:

    Dept. Of agriculture, quarantine Dept. Must take the responsibility to this massive disaster. Consequences will be demonstrated in coming months. Unprofessionalism of those officials caused this to spread all over the country. They allowed transportation of affected produce with live insects all around the country. Still no proper clue published how this well protected island got affected. Idiotic officers and their procedures, poor decisions even in crisis making this worse to worst each minute…..

Main News