සේනා සම්පූර්ණයෙන්ම වනසන්න නාමල් සල්ලි ඉල්ලයි..
January 28, 2019 at 6:48 pm | lanka C news
බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා විනාශ කිරිමට නම් සේනා දලඹුවා වටිනාකමක් ලබා දි සේනා දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබා දෙන්නේ නම් සේනා දළඹුවා සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසිය.
නාමල් කරුණාරත්න මහතා ඒ බැව් කියා සිටියේ කොත්මලේ මැතගම වේල්යාය ප්‍රදේශයේ ගොවින්ට මතු වි ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා නාමල් කරුණාරත්න මහතා එම ප්‍රදේශයේ නිරත විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්මිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ බඩ ඉරිගු වගාවෙන් ඉවත් වෙන ලෙසට ගොවින්ට දැනුම් දි ඇතත්, බඩ ඉරිගු වගාවේ දැනට සිටින සේනා දළඹුවන් විනාශ කිරිමට රජය විදිමත් වැඩ පිලවෙලක් නොගැනිමේ තත්ත්වය මත සෙසු කෘෂි බෝග වලට සේනා දළඹුවා ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි.
සේනා දළඹුවා නිසා විනාශ වු බඩ ඉරිගු වශාවේ අක්කරයකට රු හතලිස්දාහසක මුලදක් ගොවින්ට ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් අක්කරයකට රු හැත්තැ පන්දහසක මුදලක් රජය මගින් ලබා දිය යුතු බව නාමල් කරුණාරත්න මහතා කියා සිටි.
නුවරඑලිය දිස්ත්‍රිකක්යේ ස්ථාන කිහිපයකින්ද සේනා දළඹුවා හමු වි ඇති නිසා සේනා දළඹුවා උඩරට එලවළු වගාවට ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවත්, ගොවින් බඩ ඉරිගු වගාවෙන් ඉවත් වන්නේ නම් රජය මගින් බඩ ඉරිගු වගාවක් සිදු කර සේනා දළඹුවා එම බඩ ඉරිගු තුල රැදිමෙන් සෙසු කෘෂි බෝග සේනා දළඹුවාගෙන් බේරාගත හැකි බව නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
දළඹුවන් ගෙන් වගා භෝග ආරක්ෂා කිරීමට අත්දුටු ජන ප්‍රතිකාරයක් තියෙනවා. වල්දම් කොළ, පැපොල්, මිදෙල්ල පොතු, නිදිකුම්බා, වරාකොළ, කලවැල්, වදකහ සහ කැප්පිටියා කොළ යන මේවා ගෙන් දෙක තුනක් හෝ නැත්නම් සියලුම වර්ගවලින් හෝ ගෙන කොටා මිරිකා ලබා ගන්නා යුෂ සබන් වතුරට මිශ්‍රකර දියර ඉසිනයකින් ඉසීීමයි.
පාරම්පරික දැනුම බෙදා ගන්න එක හොද දෙයක්.
හැබැයි ඉතින් ඕක ජනතාව අතරට ගෙන යන්න නම් අක්කරයකට ඉහලා පෙර තත්වය සහ පසු තත්වය වාර්තා කල යුතුයි. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මේ වගේ පරීක්ෂණ කරන පාටක් නෑ.
මෙහෙමත් මෝඩයෙක්. ඕකට වටිනාකමක් දුන්නොත් තක්කඩියෝ එකතුවෙලා තව තව භෝකරයි සල්ලි ලැබෙන නිසා.
අනික් මෝඩ කතාව රජයෙන් සේනාගේ ආහාරය සදහා බඩ ඉරිගු වගා කලොත් සේනා අනික් වගා වලට හානි නොකර ඒ වගාව තුල ඉදියි කියා උපකල්පනය කිරීම.
සේනා එහෙම එක තැනක් කාගෙන ඉන්න හරකෙක් වගේ සතෙන් නොවේ. ඌ එක රැයකට කිමී 100ක් පියාබන පුළුවන් සලබයෙක්.
සෙනාට කන්න බඩ ඉරිගු වගා කලොත් උන් පැටවූ ගහලා එතැනින් හැම තැනටම පියාබලා යනවා.
අනිව. කොහොමත් මේ රනිල් කෘශිකර්මාන්තෙට කෑමති පොරක් නෙමෙයි. මතකනේ එක සැරයක් රනිල් කිව්වා තේ ගලවලා දාන්න කිව්වා. ජෙප්පොත් දැන් යන්නේ රනිල්ගේ පාරෙමයි
ජෙප්පෝ සමාජවාදය කියන බැටළු හම අස්සේ හැංගිලා හිටියට උන්ගේ සැබෑ අරමුණ සමාජවාදය නොවේ.
උන්ගේ තියෙන්නේ ඉරිසියාව නමැති මානසික ප්රශ්නය.
මුළු සමාජයම තමන් ඉන්න තත්වයට වඩා පහලට වැටිලා පිරිහෙනවා දකින්නයි උන් කැමති.
රනිල්ගේ දුර්වල ආර්ථික දර්ශනය ජෙප්පන්ගේ ඉරිසියාව පිරිමහගන්න හොදට ගැලපෙනවා.
සහතික ඇත්ත
javipe ta gavichcha ekek nam ithin mee harakek thama.. waw haarapu goyyo ne.. LOL..
මේ දළඹුවා කෙරේ මෙත්වඩන්න,මේ දළඹුවාට මෙෙත්‍රි කරන්න,පරපණ නොනසමු. චිත්තානුපස්සනාවේ හා වේදනානුපස්සනාවේ සියුම් වෙනසක් තියෙනවා. විඤ්ඤාණය යනු මොකද සැපත් දැනගන්නවා දුකත් දැනගන්නවා මධ්යස්ථභවත් දැනගන්නවා යනු එහි අර්ථයයි.