‘සේනා’ සහිත ඉරිගු ප්‍රවාහනය කල ලොරියක් අත්වඩංගුවට.. වරුවක් යන්න කලින් නිදහස් කරයි..
January 16, 2019 at 8:02 am | lanka C news
අනුරාධපුර දිස්ත්‍රිකයේ තුරුවිල සිට නුවරඑළිය වටවල දක්වා ප්‍රවාහනය කරම්න් තිබු බඩඉරිගු ගස් සහිත ලොරි රථයක් 14 රාත්‍රියේදි දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය අසල වෙළද සැලක් ඉදිරිපිට නවතා තිබියදි දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගන්නා ලදි. ඒ සේනා නැමැති දැළඹුවන් ලොරි රථයේ බඩ ඉගුරු ගස් මත සිටින බවට පුද්ගලයින් කීපදෙනකු විසින් ලබා දුන් තොරතුරු පදනම් කරගෙනය.
ඊයේ කාලයේ දඹුල්ල ආර්තික මධ්‍යෂ්ථානය අසල නවතා තිබු ලොරි රථයක පටවා තිබු බඩඉරුගු ගස් වල පණුවන් සිටිනු දැක දඹුල්ල පොලිසිය දැනුවත් කොට ඇති අතර අණතුරුව දඹුල්ල නගාරාධිපති වරයාද මැදිහත්ව පොළිසිය දැන්වත් කිරිමෙන් පසු ලොරි රථය හා එහි රියදුරා දඹුල්ල පොලිසිය මගින් රදවාගෙන ඇත.
මෙම කරල් සහිත බඩ ඉරිගු ගස් නුවර එළිය වටවල ප්‍රදේශයේ සත්වආහාර ලෙසින් ( හරකුන්ට කෑමට ) රැගන යම්න් සිටින බව රියදුරා පැවසිය.
ඇති අතර මෙම සතුන් සහිත ගස් විනාශ කල යුතුබවත් එසේ නොවන්නේ නම් නුවර එළිය හා ඒ ආශ්රිත භුමිය පුරාද ව්‍යාප්ත විය හැකි බැවින් මෙසේ පොලිසිය දැන්වත් කල පොලිසියට තොරතුරු දුන් පුද්ගයින් අපහා පැවසීය
මෙම දැළඹුවන් සහිත බඩඉරිගු ගස් ප්‍රවාහනය පිලිබදව පරික්ෂණ කටයුතු සිදුකරන බව දඹුල්ල පොලිසිය කියයි . මෙම ලොරි රථය පැදවු රියදුරා අත්වඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයකු මෙම බඩ ඉරිගු තොගයේ අයිතිකරු ලෙසින් ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි..
14 උදැසන දමුල්ල නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායමේ පරික්ෂාවට ලක් කිරිමෙන් අණතුරුව මෙය කෘෂිකර්ම දේපාර්තමෙන්තුව මගින් සිදුකල යතු පරික්ෂණයක් බව දන්වා ඇත.
අණතුරුව දඹුල්ල පොලිස් අධිකාරවරයාගේ මෙහේවිමෙන් දඹුල්ල පොලිසියේ ස්ථානාදිපති වරයාගේ අධික්ෂණයෙන් පොලිස් පරිසර අංශය මගින් මෙම සේනා දැලබුවන් සහිත ලොරි රථය තුල ඇති ඉඩඉරුගු තොගය පිලිබදව ගතයුතු ඉදිරි කියාමර්ග පිලිබදව නිතිමය කටයුතු සිදු කිරිමට කටයුතු කරමින් සිටියේය.
උදැසන පරියේෂණ කල පොලිස් කණ්ඩායම මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ වරයාගේ උදෙස් පරිදි එම සේනා දළබුවන් සිහිත ලොරි රථය මුදා හල බව දඹුල්ල පොලිසියේ ස්ථාණාධිපති සම්පත් කුමාර මහතා අපහා පැවසීය. ඒ එම ගස් තොගය නාවුල ප්‍රදේශයේ සත්ව ගොවි පොලක සතුන්ට ආහාර පිණිස ලබා දිමේ පොරාන්දුව මත බවද පැසුහ.
– මහින්ද උදයසිරි දඹුල්ල
මේවා පිටිපස්සේ ඉන්න පුලුවන් පිරිස් තමයි බහුජාතික සමාගම්, බඩ ඉරිගු හෝ මෙම සතා විනාශකරන එලවලු පලතුරු ගෙන්වන සමාගම්, අහාර ගෙන්වන සමාගම් ඒවගේම මේ ආන්ඩුවත් ඉන්න ඉඩ තියෙනවා මොකද රනිල්ට ඕන නෑ රටේ ගොවීන් මිනිහට ඕන ගෙනත් කන්න. ඒකනේ එකපාරක් මිනිහා කිව්වේ, හම්බන්තොට කර්මාන්ත අවහම තේ වවලා වැඩක් නෑ කියලා. ඒවගේ ගොන් වැඩ කරන ඇගමතයෙක් ඉන්නේ