සේවකයන් ඉවත් කරන්න වෙනවා.. විකල්ප නෑ..- ව්‍යාපාර ගණනකින් අගමැතිට කියති..
July 1, 2021 at 12:00 pm | lanka C news
සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් හඳුන්වාදීම සම්බන්ධව ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සිය සංගමයේ ප්‍රණාමය පිරිනැමුවේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.
ව්‍යාපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී මෙම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරු,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
ඕකම කරන්න බැරිද…
පාර්ලිමේන්තුවේ වැඩ බැරි බයියන්ට..!
බිඳ වැටෙමින් ඇති ඩොලරයේ ආධිපත්‍යය රැකගැනීම සඳහා රුසියාව හා චීනය සමග මරාන්තික එහෙත් පරාජිත සටනකට එළඹ ඇති G7 රකුසා (UK ,US,Japan, Canada, France, Germany, Italy, ) චීන හා රුසියානු විරෝධී ශුද්ධ වූ සටනක් නිල වශයෙන් ප්‍රකාෂ කර ඇති මොහොතක බැසිල් කපු මහතා සිය ඇමෙරිකන් සංචාරය(වාර්තා වන පරදි) නිමවා නිරුපද්‍රිතව හා සුවදායකව පෙරලා ලංකාවට පැමිණ ඇත.
මෑතකදී බටහිර කැලැඹවීමට හා ප්‍රකෝප ගැන්වීමට සමත් වූ චීන-ලංකා නව සහයෝගීතා කරළියේ ඇති මොහොතක රාක්ෂයාගේ කටට ගොස් නිරුපද්‍රිතව හා සුවදායකව බැසිල්ගේ පෙරලා පැමිණීම සහතික කල දොල පිදේනිය කුමක්ද? මේ අවස්තාවේ යකාගේ කටින් බේරී සිටීමට ඇති එකම උපක්‍රමය වන්නේ සියලු දොස් නාකි එළුවෙකු (Old Goat) මත පටවා ගෙල සිඳ චීන-ලංකා සහයෝගීීතාවයන් බිල්ලට දී G7 රකුසා අස්වසාලීම බව පෙනේ.
මූ ජනාධිපතිකම අත් ඇරලා යන දවසට MCC ගිවිසුම අත්සන් කරයි කියලා හිතෙන්නේ මට විතරද?
මෙතෙක් කලක් ලංකාව අපනයන මගින් උපයා ගෙන ඇත්තේ ඇමරිකාවේ සහ යුරෝපයේ වෙළඳ පොලින්. චීනය සෑම විටම කලේ ණය ලබාදී ගෙවන්න බැරි බරක් දමා රටේ දේපළ කොල්ලය සහ උදව් කරන අයට කොමිස් දීම. දැන්වත් තේරුම් ගන්න ඕන නේද.
ඔය කොමෙන්ට් දාන පින්වතුනි තොපිට මේ වගේ ආණ්ඩුවට මඩ ගසා ගොන් හරක් මිනිසුන් මුලාවේ දාන්න ඩොලර් මිලියන ගණන් පොම්ප කරනවා කියලා ආරංචියි. ළගදීම තොපිලගේ මාධ්‍ය සහ සංදර්ශන දාන 3%, සජබ සහ අනෙකුත් අයගේ නම් සහ ගත්ත ඩොලර් මිලියන ගණන් වම අරින්න වෙයි.එතකොට දුවන්න රටකුත් තොපිලට නැති වෙයි. යකෝ අමුනුෂ්යයනී මේ බෞද්ධ රටක් කියලා විතරක් දැන් ගනිව්
රිදියට නැගී පුම්බා – ඇතා ගිලිමියි කීය ගෙම්බා
ඔන්න ගොන් තඩි බයිසන් එකෙක් ප්රශ්නය තේරුම් ගන්න හැටි මුංගේ බයිසන් නායකයින්ට මේ රටට කෙලින්නේ මෙන්න මේ වගේ මොලේ හීලක් ඇති උන් නිසා 72මුංට නෙලලා තවම මොලේ අමාරුව හොද වෙලා නැහැ .
“Lorry Talks” denna nam onatharam pandiyo innawa. ekekwath “alternative” ekak idiripath karanne ne