සේවකයන් වර්ජනයේ.. රෝහල් වැඩට යුද හමුදාව යොදවයි..

July 7, 2021 at 4:40 pm | lanka C news
සේවකයන් වර්ජනයේ.. රෝහල් වැඩට යුද හමුදාව යොදවයි..

රට පුරා රෝහල් ගණනාවක කණිෂ්ඨ සේවකයන් විසින් වැඩවර්ජනයක් කැදවීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාමට ඊයේ දිනයේ යුද හමුදාව යොදවනු ලැබ තිබිණි.

කොළඹ ජාතික රෝහල මහනුවර මහනුවර සහ හම්බන්තොට මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක මෙසේ යුද හමුදා සෙබළුන් විසින් එම කාර්යන් සිදු කර තිබේ.

රෝගීන් වාට්ටුවට ගෙන යාම, රෝගීන්ට ආහාර පාන දීම, රෝගීන් ශල්‍යාගාරය වෙත ගෙනයාම, විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීම ඇතුළු සේවාවන් රැසක් යුද හමුදාව විසින් සිදු කරනු ලැබූහ.

ඒකාබද්ධ සෞඛ්‍ය සංගමයට අයත් පිරිස් විසින් සිදුකරනු කැඳවා තිබූ වැඩවර්ජනයට රට පුරා රෝහල් ගණනාවක සේවකයන් සම්බන්ධ වී සිටීම නිසා රෝගී සත්කාරක සේවා වලට බාධා ඇති ව තිබිණි.

41,636 views

18 Comments to “සේවකයන් වර්ජනයේ.. රෝහල් වැඩට යුද හමුදාව යොදවයි..”

  1. GONA SL says:

    nurse la nisa thamai me okkoma une. saman rathnapriya wesa ballai muruththettuwa hamuduruwoi

  2. Wishwacom says:

    ජය වේවා….කවුරු කලත් මේ තීරණ ඉතා උතුම් සහ බලවත්….. තෙරුවන් සරණයි රණ විරුවනි..!

  3. Amda says:

    well done !!!!!

  4. Gehan K Jayawardene says:

    අල්ලපු වැටේ ඉඩම දුන්නේ නෑ කියල නර්ස් හාමුදුරුවො කරන වැඩේ නම් අජූතයි

  5. සම්පත් says:

    මේ වගේ වසංගත අවස්ථාවක තම පෞද්ගලික සුඛ විහරණය තකා උද්ඝෝෂණ වැඩ වර්ජන කරන උං ඉන්නේ ලංකාවේ විතරයි. මුන්ව සුව විරුවෝ කියන්න පුළුවං ද? හොඳම විකල්පය තමයි මේ වගේ විෂය පථයකි පිළිබඳ හොඳ පුහුණුවක් හමුදාවට ලබා දීලා මේ වගේ අවස්ථාවාදී වැඩ වර්ජන අවස්ථා වල හමුදාව සේවයට කැඳවා මේ වගේ උං සේවයෙන් නෙරපා හැරීම තමයි කරන්න ඕන.
    අනික ඔය කෑ ගහන ගොඩක් උං හිත් ඉන්නේ හමුදාවට පුළුවං යුද්ධ කිරීම විතරයි කියලා. වැක්සින් කරන එක විවේචනය කරන උං දන්නවද දන් නෑ ත්‍රිවිධ හමුදාවල වෛද්‍ය බලකා ගැන

Main News