සේවකයින් හත් දෙනෙකුගේ නමට මං වී අලෙවි මණ්ඩලයේ වී තොග ගන්නවා.. – ජනපති සොයුරු ඩඞ්ලි
December 30, 2016 at 3:00 pm | lanka C news
තමනටද වී අලෙවි මණ්ඩලයෙන් වී තොගයක් ලැබීමට ඇති බවත් නමුත් ඒවා ලැබෙන්නේ තමන්ගේ නමට නොව සේවකයන් හත් දෙනෙකුගේ නම්වලට බව ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා විසින් කරන ලද කළ අභියෝගයට මෙම සිදුවීමෙන්ම පිළිතුරු ලැබෙන බවද කී ඔහු වී මෝල් හිමියන් නොවන පුද්ගලයින්ට වී තොග ලබා දී ඇති බව ඔප්පු කරන්නැයි සභාපතිවරයා කළ අභියෝගයට පිළිතුරක් ලෙස මෙම හෙළිදරව්ව කරන බවද පැවසීය.
හැකිනම් අද වන විට වී තොග ලබාදී ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන්නැයිද ඔහු සභාපතිවරයාගෙන් ඉල්ලීය.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා රජරට කැළෑ එලි පෙහෙළි කර ගොවි ජනපද ඇති කර සෙසු ප්‍රදේශවල ජනතාව එකී ජනපදවල පදිංචි කරවා රට ස්වයෝපොෂිත කිරීම සඳහා ඔවුන් දිරිමත් කළා. නමුත් එවකට රජරට ප්‍රදේශවල මැලේරියා වසංගතය ව්‍යාප්තව තිබු නිසා බොහෝ දෙනෙක් එම ප්‍රදේශ වලට යාමට කැමැත්තක් දැක්වුයේ නෑ. එසේ අකමැත්තෙන් ගිය බොහෝ දෙනෙක් මෙම රෝගය වැලදී මියගිය බව වාර්තා වුනා. එමනිසා එම ගොවි ජනපදවල පදිංචියට ගියේ කුලී වැඩක් හෝ හොයා ගත නොහැකි බලවත් ආර්ථික දුෂ්කරතා තිබු අය පමණයි. එසේ පොළොන්නරුවට පැමිණි ගොවියෙකුගේ පුතෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය වීමේ රහස, ලක් වැසි සියලුම ජනතාව දිරිමත් කිරීම සඳහා හෙළි කරන ලෙස ඩඩ්ලි සිරිසේන මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මුන් ඔක්කෝම නීල කාස හොරු, මල්ලි හොරකම් කරන්නේ අයියා වගේම තමයි.
Dan onna niyama horu horu maraganna kale awilla, boru chodana ne saakshi ekkama badu eliye
එහෙනම් ප්‍රෂ්ණයක් නෑනෙ, අන්තිමේ සභාපති වී මෝල් හිමියටමනෙ වී ටික දීල තියෙන්නෙ. හැබැයි ඉතින් මේ හෙලිදරව්වෙන් කවුද වී ජාවාරම් කාරය කියලත් ඔප්පු උන එකතමයි ප්‍රෂ්ණෙ….. 😉
Kisi waradak naha. maha bankuwe lokka nidahs nam dadli ayye oyath nidhas. Oyaa kanne haal. panduwa hadenne amu haal kewoth. bankuwa kewama ratama ilanga paramparawath ekkama kanawa. salli deyyange malli. oyaa appapathi ge ayya. heh..heh..heh… neda hari da horida manda puthaa.