සේවකයෙකුට කොරෝනා.. ලංකාපුර ප‍්‍රා.ලේ. කාර්යාලය වසා දමයි..

July 30, 2020 at 1:20 pm | lanka C news
සේවකයෙකුට කොරෝනා.. ලංකාපුර ප‍්‍රා.ලේ. කාර්යාලය වසා දමයි..

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙලි වී ඇත.

ඒ හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

එහි කාර්යාල කාර්ය සහායකයකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා කන්දකාඩු කොරෝනා ආශ‍්‍රිතයෙක් සමගින් සමීපව කටයුතු කල අයෙකි.

මේ වන විටත් ඔහුගේ ආශ‍්‍රිතයන් නිරෝධායනයට අවශ්‍ය කටයුතු කරමින් සිටී.

334 views
Main News