සේවක 13කගේ වැඩ තහනම්.. සේවක විරෝධතා.. විකාශන කටයුතු ඇණහිටීමේ තත්වයක්..
January 1, 2019 at 3:50 pm | lanka C news
ස්වාධීන රූපවාහිනියේ නව පාලනාධිකාරියට එරෙහිව විරෝධතා කල සේවකයන් 13 කගේ වැඩ තහනමකට ලක් කර ඇති බව ආරංචි මාර්ග කියයි.
නව සභාපතිනියට එරෙහිව ආයතන සේවකයන් විසින් අවස්ථා කිහිපයකදීම විරෝධතා ව්‍යාපාර දියත් කරන ලදී.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අායතනය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙසයි.
වැඩ තහනමට ලක්කරන ලද සේවකයින් යලි සේවයට ගන්නා ලෙස බල කරමින් සේවකයෝ තවදුරටත් විරෝධතාව දක්වති. මේ තත්වය මත නාලිකාවේ විකාශන කටයුතු අැණ හිටීමේ තත්වයක්ද උද්ගතව අැත.
ස්වාධීන රූපවාහිනිය U N P බාරදීම නරියට කුකුල්ලු බාරදුන්නා වගේ
ඇන හිටින්න ඉඩ තියෙන බව අගමැති තුමා දැනගත්තු ගමන් ITN එකේ ඔක්කොම ඇන අයින් කරලා රිවට් ගහන්න කියයි !!!..
ස්වාදීන රුපවාහිනියේ කට්ටියක් මාර උද්ඝෝෂණයක් ලු, හොරු ආයෙම ගන්න එපා කියලා .උද්ඝෝෂණය කරපල්ලකෝ අර වීඩියෝ කැසට් රැක ගන්න… .කෝ එකෙකුට ආයතනය ගැන ආදරයක් නැහැ .එලවපල්ලා ඔතන ඉන්න දෙපැත්ත කන
විජේසිංහ කියන අපතයයි ,සංජිවනි ඇපා කියන උද්දච්ච හොන්තුවයි ,අර හොර තක්කඩියා සංජිව නෝනිස් කියන එකායි .