සේවිකාවනට පහර දුන් RDA ලොක්කා මගේ හිතවතෙක් නොවෙයි.. මාව සම්බන්ධ කල FB කාරයන්ට නීතිය ක‍්‍රීයාත්මක කරනවා.

November 25, 2020 at 3:50 pm | lanka C news
සේවිකාවනට පහර දුන් RDA ලොක්කා මගේ හිතවතෙක් නොවෙයි.. මාව සම්බන්ධ කල FB කාරයන්ට නීතිය ක‍්‍රීයාත්මක කරනවා.

බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පලාත් ආණ්ඩුකරවරයාගෙන් ඉල්ලයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයා වයිස් මාෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයාගේ තරාතිරම නොබලා ඔහුට එරෙහිව වහා කටයුතු කරන ලෙසයි.

බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධණ අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය ඇතුලත් විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වේ. මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවත්. දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන තමන් කවරාකාරයේ හෝ කාන්තා හිංසනයකට එරෙහි බවත් ඇමතිවරයා කියා සිටියි. මෙම සිද්ධියට එරෙහිව වහා පියවර ගත යුතු බවට තමන් ආණ්ඩුව තුලද පෙනී සිටින බව ඇමතිවරයා ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයා තමන්ගේ ආධාරකරුවෙකු බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් සදහන් කර තිබේ. විපක්ෂයට සම්බන්ධ පුද්ගලයින් හා ෆෙස්බුක් පිටු මගින් සිද්ධියට තමන්ගේ නම ඈදගෙන තිබෙන්නේ තමන්ව හා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ උවමනාව මත බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල සිය ගමේ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති කාර්යාලයක ඇති වූ සිද්ධියකට තමන්ගේ නම ඈදාගැනීමෙන්ම එය තහවුරු වන්නේ යැයි පෙන්වා දෙයි.

මේ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව මඩ ප්‍රචාරය කරනු ලබන  පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවද ඔහු සිය නිළ ෆෙස්බුක් ගිණුමේ සටහන් කර තිබේ. තමන්ට කිසිදු සම්න්ධයක් නොමැති සිද්ධියකට තමන්ගේ නමද ඈද ගනිමින් මඩ ප්‍රචාර කරනු ලබන පුද්ගලයන්ට එරෙහිවද පියවර ගන්නා බව ඔහු සිය නිල ෆෙස්බුක් පිටුවේ සදහන් කර තිබේ.

– ප්‍රදීප් අනුර කුමාර

58,540 views

15 Comments to “සේවිකාවනට පහර දුන් RDA ලොක්කා මගේ හිතවතෙක් නොවෙයි.. මාව සම්බන්ධ කල FB කාරයන්ට නීතිය ක‍්‍රීයාත්මක කරනවා.”

  1. samana says:

    හොරු චන්ඩි මරයන් පාතාලය රකින්නේ මුන් තමා..

    • Nishantha says:

      I am from udugampala as far as I know this engineer is a fan of Sajith Premadasa. He spend his time promoting Sajith and his party

  2. T says:

    සජිත්ගේ පැක නිල් කොල්ලො ටිකට දැන් පිස්සු වැටිලා. හුළඟක් හැමුවොත් ඒකටත් පලි ජනාධිපතිතුමා, එහෙමත් නැත්තං ඇමති කෙනෙක්. අනිවාර්යෙන්ම ඔය නූගත් ඉංජිනේරුවා සජිත්ගේ පත්වීමක් වෙන්ඩ ඇති. මෝඩකමක් කරොත් මුල් දෙකක් කරන තරමක් කරන්නේ සජිත් වටේ ඉන්න ගොන් හැත්තයි.

    • ක්‍රිමිනල් says:

      යුද්දේ කලේ මම , කොවිඩ්19 පලමු රැල්ල පාලනය කලේ මම , හැබැයි කෙලවෙනකොට ජනතාව ,ඇමැට්ටො ,විපස්සේ….මෝඩ බෛයො ඉන්නකං මේ රට හදනවා බොරු..😂😂

      • ABN says:

        කොහෙද යන්නෙ මල්ලෙ පොල්…

      • Suresh says:

        හම්මේ මේ ටොයි මහතා කඩේ යන යෑම නම් නොමිලේ කරන්න අමාරුයි. බලන්නකො සෑම පෝස්ට් එකකම මෙයා දන්න සියළු භාශාවන්ගෙන් කොමෙන්ට් දමනා අපූරුව. සල්ලි වලට කොමෙන්ට් කරන ටොයියෙක්. උඹලගෙ දෙමව්පියො තොට ඉගැන්නුවෙ ඔහොම පක්කිලි වැඩ කරන්නද කියල පොඩ්ඩක් හිතල බලපන්.

      • මු ක්‍රිමිනල් නොවේ පැකනිලාගේ මැන්ටල්.
        මු අර මංගලයාගේ බොරු බලකායේ ඉතුරු වෙච්ච ටොයියෙක්.හැබැයි මුගේ ගැනි පිට යනවා…

  3. Alapaluwa says:

    හොරාට කලින් කෙහෙල්කන වැට පැන්න කියන්නෙ මේවට තමා තඩි බඩෝ

  4. RITIGALA says:

    pakanil samanalunta wena deyak hoya ganna wei dan…

  5. Asela says:

    Karana tharam jada wada, marakam karana prasanna dan sil aranda…munge family ekama ekayi. Arjunathvminihek maruwe…muootath thadi badak witharayi thiyenne oluwak naha ekane ara kalayak wathurata damme

  6. Osmand says:

    ඒවට තමා පොලිසිය තියෙන්නෙ. ඇමතිතුමන් කලබල නොවන්න. සමාජ මාද්‍ය මඩ ප්‍රචාර ගැන ජනතාව හොදින් දැනුවත්.

  7. chandana says:

    100% ක් මොහු නිවැරදි වෙන්න පුලුවන්.ලංකාවෙ සමහර ගෑනු යක්ෂෂනියො.නාටක කරනවා හොරමිනිහට තැන අරන් දෙන්න

  8. chandana says:

    swiss නාඩගම 2 වෙන්නන් පුලුවන්

  9. Mr. Udugampola says:

    I know she well. She did this video to show the top management and get a transfer to asgiriya office. She did same thing before 5 years also. There is no political background

  10. අපි මෙයා ගැන හොදටම දන්නවා. කියලා වැඩක් නෑ. හොදටම සෙට් වෙලා තමයි මේක කලේ. අස්ගිරියට මාරු වෙන්න කල රගපෑම හරිගියා. ඉංජිනේරැ මහතා ගොඩක් හොද කෙනෙක්. ගැටේට අහුවුනා.

Main News