සොබාදහමට එරෙහි නැති කෘෂි විප්ලවයක් ඔ්නෑ.. ලංකාව කාබනික කරනවා…- ජනාධිපති ලෝක සමුළුව අමතයි..

November 1, 2021 at 8:40 am | lanka C news
සොබාදහමට එරෙහි නැති කෘෂි විප්ලවයක් ඔ්නෑ.. ලංකාව කාබනික කරනවා…- ජනාධිපති ලෝක සමුළුව අමතයි..

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රි ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

එ රට වේලාවෙන් ඊයේ (31) ප.ව 5.00 ට මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ.

සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව පැවසීය.

නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයකි. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී තිබේ. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව කියා සිටියේය.

මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබේ. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිතුමා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය.

සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළේය.

අද ජීවත්ව සිටින අප සියලුදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිතුමා හැකි අයුරින් ඊට දායක වෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියේය. සියලු දෙනා සාමුහිකත්වයෙන් සහ සයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත්වන සියලු විද්‍යාඥයන් නයිට්‍රජන් සම්බන්ධව කරන ලද සොයා ගැනීම් අගය කළ අමාත්‍යවරයා නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාව ද එම අභියෝගය ජය ගනිමින් සිටින බව සඳහන් කළේය.

“දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව COP :26 සහ ඉන් ඔබ්බට” යන මාතෘකාව ඔස්සේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද අදහස් දැක්වූවාය.

– ජනාධිපති මාධ්‍ය අංශය

15,836 views

15 Comments to “සොබාදහමට එරෙහි නැති කෘෂි විප්ලවයක් ඔ්නෑ.. ලංකාව කාබනික කරනවා…- ජනාධිපති ලෝක සමුළුව අමතයි..”

  1. රසායනික says:

    රසායනික එන්නත් විදින ගමන් ඉන්නෙ

  2. saman says:

    ජය වේවා. ඔක්කොම කාබනික කරමු. වස විස නැති ආහාර අඩු මිලට ජන්තාවට දෙමු. රට දියුනු කරමු. ඔබ තුමා තමයි රට රකින අපේ විරුවා.

  3. Norata Eka says:

    කරුණාකර කිරි කර්මාන්තය කියනා අසික්කිත කර්මාන්තය නතර කරන්න ජනාධිපති තුමනි..
    කිරි කර්මාන්තය තරම් සොසොබාදහමට එරෙහිව යාමක් තවත් නෑ …මවකට කිරි එරෙන්නේ සිය දරුවා වෙනුවෙන්…වෙනත් සත්ව කොට්ඨාශයක මවකට සිය දරුවා වෙනුවෙන් එරුණු කිරි ටික උදුරා ගෙන බීම සොබාදහමට කොහෙත්ම එකග නෑ .. එය ඇත්තෙන්ම පිස්සුවක්

  4. Wijebahu says:

    What an ace fool is our president. despite he is completely failed inside the country he is announcing his failures to the whole world.

  5. 0.069 min biyyo says:

    නූතන නුගත් වහල්ලු ඕවාට රැවටුනාට බුද්ධිමත් ජනතාව අන්දවන්න බැහැ .රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න දේශප්‍රේමී සළුවෙන් වහලා චන්ද ගරානා පාරක් දාන්න යන්නේ .
    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .

    • Kumudika says:

      අන්වාර්‍යෙන් මචන් අපිට ඔනා රසායනික පොහොර ,කෘමි නාශක .අපිට ඔනා,රසායනික කොම්පනි වලවහල්ලු වෙන්න .අනාගත පරපුර විනාශ වෙනවා වගෙ කතා අදාල නේ මොකද මගෙ ෆෙමිල් එකම ඉන්නෙ යුරොප් වල

      • harsha says:

        හැබෑටම ඔය යුරෝපීය රටේ ගොවිතැන 100%ක් කාබනිකද? කියමුකෝ රටේ නම දැනගන්නත් එක්ක.

  6. sunimal says:

    බටහිර සැම දෙයක්ම වස තමයි. අම්මලා තාත්තලා පුජාරුවට කියන්නේ මගේ පුතා රට මගේ දුව රට ලැජ්ජයි.

  7. Power says:

    රට රටවල ගිහින් ඔය බයිලා කියෙව්වා කියලා මේ රටේ තියන ප්‍රශ්න ටික විසදෙනවද මහත්තයෝ? ඒ නිසා ඔය බයිලා හොඳා උද්දච්චකමෙන් ඔලුව උදුම්මගෙන ඉන්න තමුන් වගේ අයටම. රටට අවශ්‍ය ආහාර ටික, සුළු අපනයන බෝග ටික හදලා දෙන ගොවි ජනතාව විතරයි කාටවත් බරක් නොවී හැමදාමත් මහ පොළවත් එක්ක ඔට්ටු වෙමින් තමන්ගෙ ජීවිකාව කරගෙන ගියේ. හැබැයි කාටවත් කරදරයක් නැතිව හිටපු ඒ මිනිස්සු ටිකටත් බඩේ පහර ගහලා යනඑන මං නැති කරේ තමුන් ඇතුළු මේ ගෝත රජය තමයි. මේ කාබනික හුටපටය නිසා ගොවි ජනතාවගේ ඇසෙන් වැටෙන කඳුලකටම තමුන් ඇතුළු මේ රජය වගකිය යුතුයි. කාබනික වගාවන්ට කිසිවෙකුත් අකමැති නැහැ. නමුත්, එය සිදුවිය යුත්තෙ ගොවි ජනතාව සහ පාරීභෝගික ජනතාව පීඩාවට පත් නොවන අයුරින් දීර්ඝ කාලීන දැවැන්ත ක්‍රියාදාමයක් විදිහටයි. ඒකවත් තේරුම් ගන්න බැරි තමුන් කොහොමද මේ රට කාබනික කරන්නෙ. නිකං විහිළු කරන්ඩ එපා මහත්තයො. ඔය හීන ලෝකෙන් මිදිලා රටේ ජනතාවට පත්වෙලා තියන ඉරණම දිහා මානූශීයව බලන්න. මනුස්ස⁣යෙකුට, සතෙකුට දැනෙණ බඩ ගින්ල ඔය බයිලා කියලා වහන්න බෑ. අද මේ රටේ 60% වැඩිය මන්දපෝෂණයෙන් පෙලෙනවා කියලා හොයාගෙන තියනවා. මුලින්ම විසඳුම් හොයන්න ඕනී එවැනි සංවේදී ප්‍රශ්න වලට නොවේද? කොහොමත් මම ජන්ද බලාගෙන වැඩ කරන එකෙක් නෙමෙයි කියලත් කිව්වනේ නේද. ඒ නිසා වෙන්ඩ ඇති තමන්ට ජන්දෙ දුන් සහ නොදුන් ජනතාවගේ දුක නොතේරෙන්නෙ. හැබැයි මේකෙන් එක දෙයක් හිතාගන්ඩ පුළුවන්. ඒ තමයි එදා ආරක්ෂක ලේකම්කමත් කොහොම කරන්ඩ ඇද්ද කියන එක. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියන ඒවා 100% ඇත්ත කියලා දැන් නම් ආය අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ.

  8. harsha says:

    ලෝකයේ කිසිම රටක (සංවර්ධිත රටවල් ඇතුලුව) නො කරපු විදියට ගොවිතැන 100%ක් කාබනික පොහොරවලින් කරන්න ගිහින් ඇනගෙන ඉවරවෙලා දැන් පම්පෝරි ගහන්නත් එනවා.

  9. Athula says:

    ඕව් ඕව් සොබාදහම කන්න පටන් ගත්තෙ සිංහ රාජෙන් බව අමතකද පස්සේ රටේ සියළුම වනන්තර, ගංගා ඇලදොළ, පස් වැලි වැව් සේරම මුහුද මේ සේරම කෑවේ ඒක නිසා ද ?

  10. sSriyani Mangalika says:

    There are 9 provinces in Sri Lanka. There are paddy, maize,tea, vegetable, banana, fowers etc grown in these areas. This Chronic Kidney Disease is predominanetly in North Central area That says Chemical furtilizer is not the cause forCKD.Farmers are severly grieved

    • kumar sonnadara says:

      You are in=gnorant and prejudiced. CKD is common in dry climate where people get their drinking water from wells It has spread to north western province and hamanthota. peOur civilisation started in north central province 2500 years ago. There was no CKD until farmers were encouraged to use Urea and pesticides excessively in 1970s. You are one of those who argue that smoking tobacco s does not harm health. Ultimately Tobacco lobby had to shut their mouth.