සොයිසාගේ නම මම යැව්වේ නෑ.. කළු මාධ්‍ය හෙළි කරනවා.. නඩු දැම්මාම සල්ලි ගෙවන්න චෙක් ලෑස්ති කරගන්න – අගමැති

December 22, 2018 at 2:10 pm | lanka C news
සොයිසාගේ නම මම යැව්වේ නෑ.. කළු මාධ්‍ය හෙළි කරනවා.. නඩු දැම්මාම සල්ලි ගෙවන්න චෙක් ලෑස්ති කරගන්න – අගමැති

ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් කථ මාධ්‍ය පිළිබඳ සියල්ල හෙළිකරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇමැති ධුර සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්‌තුව ඉදිරිපත් කළේ අගමැති ලේකම් කාර්යාලයෙන් බවත් එසේ ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ගේ නම් කපා දමා ඇතැයි ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රකාශ කර තිබෙන බවත් ය. අදාළ මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා චෙක්‌පත් සූදානම් කරගන්නා ලෙස ඒ මාධ්‍යවලට දැනුම් දෙන බව ද අගමැතිවරයා කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය,

අපි බලාපොරොත්තු වුණේ නොවැම්බර් 05 අයවැය ඉදිරිපත් කර ජනතාවට සහන දෙන්න. නමුත් ඇති වූ අර්බුදය නිසා එය කළ නොහැකි වුණා. නමුත් අර්බුදයෙන් එක්‌ කරුණක්‌ පැහැදිලි වුණා. බහුතර බලය ඇති ආණ්‌ඩුවක්‌ සහිත පාර්ලිමේන්තුවෙන් පමණයි මුදල් පාලනය පිළිබඳ බලතල ක්‍රියාත්මක වන්නේ කියන එක. අතුරු සම්මත ගිණුම ගෙන එන්න වුණේ මේ අර්බුදය නිසායි. මේ අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ පියවරක්‌. පාර්ලිමේන්තුව නීති විරෝධී ලෙස විසුරා හැරියා නම් අතුරු සම්මත ගිණුමක්‌ ගෙන එන්න බැරි වෙනවා. ජනවාරි 01 සිට මුදල් ලබාගන්නයි මේ අතුරු සම්මත ගිණුම සම්මත කරන්නේ. ලබන සතියේ සිට දිසාපති හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ ගම්පෙරළිය වැඩසටහන අරඹන ලෙස මම රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාට කියනවා.

කැබිනට්‌ හා අනෙක්‌ ඇමැතිවරු පත් කළ පසු මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කරන්නම්. විවිධ මත තිබෙනවා විජයමුණි සොයිසා මහතාගේ නම මම යෑව්වෙත් නෑ. ඒත් මාධ්‍යවල තියෙනවා මම ඒ නම යෑව්වා කියලා. මේක තමයි කළු මාධ්‍ය. ඔක්‌තෝබර් 26 දා සිට කළු මාධ්‍ය මොනවද කළේ කියා දන්නවා. නඩු දැම්මාම සල්ලි තියෙනවද ගෙවන්න. නම් ලැයිස්‌තුව එවන්නේ අගමැති කාර්යාලයෙන්. එක සැරේ හැප්පිලා කරන්න ඕනේ නෑ. කතාකරගෙන යන්න පුළුවන්. කළු මාධ්‍ය ගැන ජනවාරි මාසෙ විවාදයක්‌ කරලා ඔක්‌කොම හෙළි කරනවා. අපිට මාධ්‍ය නැති කරන්න ඕනේ නෑ. කියන්න ඕන දේ මම කියනවා. ඒ ගැන කිසිවක්‌ හිතේ තියාගන්න ඕනේ නෑ. කරුණාකරලා චෙක්‌පත් ටික ලෑස්‌ති කරගෙන තියාගන්න.

– divaina

99 views

9 Comments to “සොයිසාගේ නම මම යැව්වේ නෑ.. කළු මාධ්‍ය හෙළි කරනවා.. නඩු දැම්මාම සල්ලි ගෙවන්න චෙක් ලෑස්ති කරගන්න – අගමැති”

  1. සිංහල බන්ඩා says:

    අම්මට හුඩු! බැඳුන්කර හොරා ඒපාර උසාවියෙන්ම අපි බය කොර⁣නෙ යැපෙන්නය් හදන්නෙ.

  2. Pal says:

    This fellow thinks that the ..

    Truth is money…
    Power is money…
    Democracy is money..

    This is why he broke the world bank.. to make sure these things…

  3. කාලා වරෙන් says:

    බැංකු කැඩූ අලුත් කඩේ කලු අගමැති
    පරලවී ජන මාධ්‍යයට දෙහි කපයි.😁

  4. අලුත් කඩේ අගමැති says:

    පව්. දැන් ආණ්ඩුව ගෙනියන්න වෙන්නෙත් අලුත් කඩේ පිහිටෙන් තමයි 😂

  5. Nim says:

    BANKU HORO
    EDERIYE DE
    JAMPARA ADENNA PURUDU
    WENNA.

  6. Asaranaya 1 says:

    Pinguththara Raani alayaa in action

  7. සකල බුජං says:

    සල්ලි ලෑස්ති කරල තියා ගන්න​.නැත්නම් අපි බැඳුම්කරේ සල්ලි දාල සියලු මාධ්‍ය සුනු විසුනු කරනව​.මාධ්‍ය නිදහසත් අපි තහවුරු කරනව​.

  8. UD says:

    President should expedite the legal process to send this guy to jail since it can be easily proven that he is the man behind the Central Bank Robert,
    .

  9. ඇර සොය්සා ඇර....මෙන්න සොයිසා ගේ වන්නම...කළු මාධ්‍ය වන්නම.. says:

    ඇර සොය්සා ඇර….මෙන්න සොයිසා ගේ වන්නම…කළු මාධ්‍ය වන්නම.. කෙළිමු මහා බැන්කුවටම නේද සොය්සා මල්ලි…

Main News