සොයිසාගේ මන්ත‍්‍රීකම එජාපයට යයි.. වරුණ ලියනගේ පත් කරයි..

December 11, 2019 at 10:40 am | lanka C news
සොයිසාගේ මන්ත‍්‍රීකම එජාපයට යයි.. වරුණ ලියනගේ පත් කරයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුව පවතින එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූරය සඳහා දැනට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන වරුණ ලියනගේ මහතා පත් කිරීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2015 මහ මැතිවරණයෙන් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන්නේ වරුණ ලියනගේ මහතා නිසා මෙම තීන්දුව ගෙන ඇත.

වරුණ ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමෙන් පසු මේ වන විට ආසන එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙසද කටයුතු කරමින් සිටී.

වරුණ ලියනගේ මහතා නම් කර එවන ලෙස මේ වන විටත් මැතිවරණ කොමිසම විසින් දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරියාට දන්වා තිබේ.

46,799 Viewers

8 Comments to “සොයිසාගේ මන්ත‍්‍රීකම එජාපයට යයි.. වරුණ ලියනගේ පත් කරයි..”

  1. ජනක says:

    මේ මොන අපත චරිතයක්ද ?මිනිහෙක් එජාප වෙන්නේ එක්කෝ උප්පත්තියෙන්ම මෝඩ අමනයෙක් නිසා එහෙමත් නැතිනම් රට ජාතිය ආගම ගැන කිසිම ආදරයක් නැති බඩ ගොස්තර වාදියෙක් නිසා එහෙමත් නැතිනම් ඌට මිලියන ගානක ජරාවක් ලැබීම නිසා .
    ඔය කියන මිනිහා පොදු පෙරමුණේ ඉඳලා එජාපයට ගියා කියන්නේ අනිවාර්යෙන් ඕකාට හොඳ ජරාවක් වැඩකරන්න ඇති ඒවගේම ඉතින් රට ජාතිය ගැනත් සත පහකට හිතන කෙනෙක් වෙන්න බෑ මු .එහම නැතිනම් රට ජාතිය පාවලා දෙනවා කියල දැන දැනත් එජාපයට යනවද ?
    ඊළඟ චන්දෙන් මේවගේ අපතයෙක්ට බලයට එන්න පළාතේ ජනතාව ඉඩ තබන්න එපා .මුව ස්රිලනිපයටවත් පොහොට්ටුවටවත් ගන්න එපා මොකද මු ආයෙත් සල්ලි වලට පනින්න පුළුවන් එකෙක්

    • UD says:

      “එජාපයේ ඉන්නේ රට ගැන ජාතිය ගැන ආගම ගැන හැඟිමක් නැති වහල් මානසිකත්වයෙන් යුතු බල ලෝභි පිරිසක්ය“ කියන ලේබලය වැදිලා තියෙන්නේ….
      ඒ අදහස මිනිස්සුන්ගේ ඇට වලට කිඳා බැහැලා තියෙන්නේ….
      ඒකට එකතු වෙන්නෙත් ඊට සමගාමී අදහස් තියෙන අය තමයි…
      අසූචි අසූචි සමග එකතු වේ….

  2. GUNA says:

    We all are know which part buy the Parliment members through the cash.(Please remind 2018-OCT CASE)

  3. Porak says:

    නියම මහත්මයකු නම් මොහු කල යුත්තේ තමන්ට ලැබිය යුතු මන්ත්‍රීකමේ මුලින් දිවුරුම් දී පසුව ඉල්ලා අස් වීමයි ….මක්නිසාද මොහුට ගිය වර මනාප ලබා දුනේ බුලත් කොලේට චන්දේ දීපු මිනිසුන්‍ නිසාවෙනි …

  4. Mahesh says:

    Dear All,

    This is why we should encourage voters to vote for people who are decent, professional and down to earth candidates in the next general election

  5. මහනූවර තරුණ හඩ says:

    තව මාස 3 යීනෙ . පාර්ලිමේන්තු ව කල් දාලා තියෙන්නෙ.දිවූරුම් දෙන්ටවත් ලැබෙයිද දන්නැ?

    • The VOTERS says:

      WHAT A GREAT INJUSTICE TO THE THOUSANDS OF PEOPLE WHO HAVE VOTED FOR BETAL LEAVE AGAISNST THE POLICIES OF THE U. N.P.. HE HAS BETRAYED THE WISHES OF SUCH THOUSANDS OF VOTERS.

Main News