සොරකමක් සම්බන්ධයෙන් දැරණියගල සභාපති අත්අඩංගුවට…

April 17, 2021 at 8:40 am | lanka C news
සොරකමක් සම්බන්ධයෙන් දැරණියගල සභාපති අත්අඩංගුවට…

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98 ක් ළඟ තබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

මීට පෙර දැරණියගලගල ජල සම්පාදන මණ්ඩල ගබඩාවෙන් ජල මාපක 477 ඇතුළු උපකරණ තොගයක් අතුරුදහන් වී තිබීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන ලිපිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව සිදුකරන විමර්ශනයේ දී තවත් ජල මාපක 98ක් සභාපතිවරයාගේ භාරයේ තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සභාපතිවරයා පොදු දේපල පනත යටතේ අද දිනයේ අධිකරණය ඉදිරිපත් කරන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

7,389 views

2 Comments to “සොරකමක් සම්බන්ධයෙන් දැරණියගල සභාපති අත්අඩංගුවට…”

  1. Jepi buster says:

    පොහොට්ටුවෙ සභාපතිලා ඔහොම තමා වතුර මීටරත් හොරකම් කරනව

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මැරයෙක් හොරෙක් නූගතෙක් නොවන පොහොට්ටු ජනතා නියෝජිතයෙක් සොයා ගැනීම නොමල ගේකින් අබැටක් ගත්තා හා සමානයි

Main News