සොරකම් කල බස් රථය සතියකට පසු හමු වෙයි…
January 15, 2022 at 6:20 pm | lanka C news
පයාගල දියලගොඩ ප්රදේශයෙන් කොල්ලකා තිබූ බස් රථයක් කොස්ගොඩ ප්රදේශයේ දමා ගොස් තිබීයදී සොයා ගත් බව පොලිසිය කියයි.
ඇගලුම් සේවක සේවිකාවන් ප්රවාහනය කරන අදාළ බස් රථය දියලගොඩ ප්රදේශයේදී මාර්ගයක් අසල ගාල් කර තිබියදී කිසියම් පිරිසක් විසින් කොල්ලකා ඇත.
පසුගිය(8) සෙනසුරාදා දිනයේ මෙම කොල්ලකෑම සිදුව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පයාගල පොලීසිය ඒ පිළිබද විමර්ශන ආරම්භ කර තිබුණි.
පයාගල පොලීසිය පැවසුවේ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගනිමින් සිදුකළ විමර්ශනවලදී එම බස්රථය ගාලු පාර ඔස්සේ ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇති බවය.
ඒ අනුව කොස්ගොඩ ප්රදේශයේ අතහැර දමා ගොස් තිබූ බස් රථය සොයාගැනීමට හැකි වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබදව මෙතෙක් අනාවරණය වී නොමැත.
– තුසිත කුමාර ද සිල්වා
වෙනස දැන් සැපද?
Yes there is no drugs now and our children are safe now. Jeppanta ridila.!