සොරකමේ ගිය පුද්ගලයෙකු ගම්මු අල්ලා පහරදී ඇදගෙන විත් පොලීසියට භාර දෙයි…[Video]
February 10, 2019 at 10:40 am | lanka C news![සොරකමේ ගිය පුද්ගලයෙකු ගම්මු අල්ලා පහරදී ඇදගෙන විත් පොලීසියට භාර දෙයි…[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/02/45646546464546.jpg)
යාපනය කොඩිකාමම් ප්රදේශයේදී සොරකමේ ගිය බවට සැකකෙරෙන තරුණයෙකුට ඊයේ (09) දින ප්රදේශවාසීන් පිරිසක් විසින් පහරදී පොලීසියට භාර දී ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.
අදාල තරුණයා කිසියම් නිවසකට පැන සොරකම් කිරීමට සැරසුනේයැයි කියමින් ප්රදේශයේ තරුණයින් පිරිසක් විසින් අදාල තරුණයා අල්ලා පහරදී මාර්ගය දිගේ රැගෙන එමින් පොලිස් නිලධාරීන්ට භාර දී ඇත.
නමුත් මේ සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ අදාල සිදුවීම සමබන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් සිදු කරන බවටත් පහර කෑමට ලක් වූ තරුණයා මේ වන විට කොඩිකාමම් රෝහලේ ප්රතිකාර ලබන බවටත්ය.
– වන්නි රොමේෂ් මධුසංඛ
Mewage deshapalane inna mahahorunwath bord ekkak kare ellala pare geniyanna barida danne nahane ape rate chandayakayata.
රටේ නීතියක් නැති බව මැනවින් ඔප්පු කරන අවස්තාවක් මේක. හරි හමන් නීතියක් තියෙන රටක ජනතාව නීතිය අතට ගන්නේ නැහැ. පොලිසියෙන් නීතියෙන් සාධාරණයක් නොවෙනකොට මිනිසුන් නීතිය අතට ගන්නවා
Police should arrest the thugs who beat this person as they have no right what so ever to beat any one.
Also the media why you give publicity for such event
shame