සොරාගත් යතුරුපැදියෙන් පිම්මේ ගිය සොරා අනතුරකින් රෝහලේ..

November 12, 2021 at 8:02 am | lanka C news
සොරාගත් යතුරුපැදියෙන් පිම්මේ ගිය සොරා අනතුරකින් රෝහලේ..

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදදේශයේ නිවසකින් යතුරුපැදියක් සොරාගෙන ගිය අයෙකු අනතුරට ලක්වීමෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

පුලියන්පොක්කනෙයි මුසුරම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි නිවසක ඊයේ සවස ගෙමිදුලේ නවතා තිබූ යතුරුපැදියක් එකවරම පුද්ගලයෙකු පැමිණ රැගෙනගොස් ඇති අතර එහිදී හිමිකරුවන් විසින් එම පුද්ගලයා පසුපස පැන්නීමේදී යතුරුපැදියේ අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වූ යතුරුපැදිය පැහැරගත් තැනත්තා අනතුරකට ලක්ව ඇත.

එහිදී බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය විසින් තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චිය මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර යතුරුපැදිය සොරාගැනීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,269 views