සොහොයුරැ සමග දුම්රිය හරස් මාර්ගයෙන් ගිය සිසුවා දුම්රියේ ගැටී මරුට…
January 25, 2022 at 12:40 pm | lanka C news
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ඊයේ (24) දින දුම්රිය හරස්මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සහ ගත් උසස්පෙළ සිසුවෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
චාවකච්චේරි හින්දු විද්‍යාලය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට ක්නකසන්තුරෙයි දක්වා ධාවනය වූ දුම්රියකට අදාල සිසුවා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් උසස් පෙල සිසුව එම ස්ථානයේම මිය ගොස් තිබුණි.
මිය ගිය සිසුවා ඔහුගේ සොහොයුරත් සමග දුම්රිය පැමිණෙමින් තිබූ අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගය හරහා පාගමනින් ගමන් කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටී ඇති බවටත් අනෙක් සොහොයුරාට කිසිදු හානියක් සිදුනොවී ඇති අතර මිය ගිය සිදුවා දුම්රියේ ගැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසීය.
දුම්රිය අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය වරණී ප්‍රදේශයේ පදිංචි මීසාලෙයි වීරසිංහම් විද්‍යාලයේ උසස්පෙල ඉගෙනුම ලැබූ 18 හැවිරිදි උදයකුමාර් බානුෂන් නැමති සිසුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
නිවන් සැප ලැබේවා.