සෝබිත හිමියන් කිරි ගවයින් 100 ක දානයක් දෙයි..

June 29, 2018 at 2:03 am | lanka C news
සෝබිත හිමියන් කිරි ගවයින් 100 ක දානයක් දෙයි..

ඇඹිලිපිට ශ්‍රී බෝධිරාජ පදනමේ පූරණ අනුග්‍රහය ඇතිව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ පූර්ණ සංවිධානයෙන් මුලතිව්හි නැවත පදිංචි වූ අඩුආදායම්ලාබී පවුල් වෙතට කිරි ගවියින් 100 ක් අධ්‍යාපනික උපකරණ හා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පොසොන් පෝදා පැවත්වුණි.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59,64 හා 68 සේනංකාධිපති වරුන්ගේ මෙහෙයෙවීමෙන් පැවති මෙම උත්සව අවස්ථාවට මුලතිව් නැවත පදිංචි වැසියන් විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදි නැවති පදිංචි වී ජීවන ආදායමක් නොමැති පවුල් 100 ක් වෙනුවෙන් කිරි වෙළඳාම සඳහා කිරි ගවයින් 100 ක් ප්‍රධානය කෙරුනු අතර දුෂ්කර ප්‍රාදේශීය රෝහල් සඳහා රෝද පුටු 50 ක් අඩු ආදායම්ලාබී පවුල්හි අධ්‍යපනය හැදෑරු දරුවන් 150 කට රුපියල් දහස බැගින් වූ අධ්‍යාපනික උපකරණ කට්ටලයක් මුලතිව් ගොවීන්ගේ කෘෂිකරුම්නාතය වෙනුවෙන් කෘෂි උපකරණ කට්ටල හා පැල වර්ග බෙදා දීම මෙහිදී සිදු විය.

උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණියේ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ මහතා වූ අතර උතුරු ආණ්ඩුකාර විසින්ද ශ්‍රී බෝධිරාජ පදනමෙන් මීට පෙරද ඉල්ලා ඇත්තේ උතුරේ වැසියන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දායක වන ලෙසටය.

උතසව අවස්ථාවට ශ්‍රීලංකා රාමඥ්ඥ මහනිකායේ දක්ෂිණ ශාඛාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්,උතුරු ආණ්ඩුකාර තුමන්, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව් ඒ.ඩී.බී රාජගුරු, මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන්, හා ඊට අමතරව සිංගප්පූරු හා තායිලන්ත අනුග්‍රාහක බවතුන් පිරිසක් හා පොලිස් නිලධාරීන් හෙන්හ රෝහල් කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

180 views

One Comment to “සෝබිත හිමියන් කිරි ගවයින් 100 ක දානයක් දෙයි..”

  1. daminda says:

    niyama sanhidiyawata …………….yaayuthu gamana

Main News