සෝබිත හිමි නමින් පාලම් බෝක්කු නම් කරමින් ආණ්ඩුව මත්ද්‍රව්‍ය ප‍්‍රවර්ධනයේ..

January 12, 2018 at 6:48 pm | lanka C news
සෝබිත හිමි නමින් පාලම් බෝක්කු නම් කරමින් ආණ්ඩුව මත්ද්‍රව්‍ය ප‍්‍රවර්ධනයේ..

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇමති මංගල විසින් ගෙනැවිත් ඇත්තේ අවමංගල නීති යයි හෙල බොදු සවිය සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිගරු ජනපතිතුමනි,

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇමති මංගලගේ අවමංගල නීති.

“මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්” යන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 03 පිටුවේ සදාචාර සම්පන්න සමාජයක් මත්ද්‍රව්‍ය, මත්පැන් හා සිගරට් උවදුරෙන් රටමුදාව ගැනිම ප්‍රතිපත්තිය බවට පත්කරගෙන බලයට පත්විය. මතින් තොර සමාජයකට යටත් විජිත සමයේ ද පැවති නීති රීති සුරාබදු පනතේ 116 පිටුවේ12  වගන්තිය අනුව මත්ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු පිරිස් හඳුන්වාදී මෙන් පැහැදිලිය. යුද හමුදා අණදෙන නිලධාරින්ට, නාවික හමුදාවේ ප්‍රධාන නිලධාරින්ට, ගුවන් හමුදාවේ අණදෙන නිලධාරින්ට, විදේශිය සුදු නිලධාරින්ට  මෙන්ම අවුරුදු 18 අඩු පිරිමින්  හා මොනයම් හෝ ස්ත්‍රින්ට මෙය තහනම් කර තිබිණි.

තැබැරුම්-විවෘත කරන හා වසා තබන වේලාවල් වෙනස් කිරීම හා කාන්තාවන් සඳහා මත්ද්‍රව්‍ය ලබාදීම හා එම ස්ථාන වල කාන්තාවන්ට සේවය කිරීමට අවස්ථාව සලසා දීමට වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා නියෝග නිකුත් කිරීම යහපාලන ආණ්ඩුවේ ස්ථාවරයට අභියෝග කිරීමකි. කාන්තාවන්ට මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රවර්ධනය කිරීමට සැළැස්වීම පවුල් ඒකකයට, මාතෘත්වයට විශාල තර්ජනයකි.  කාන්තා හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඩ නඟන යුගයක මෙලෙස කාන්තාවන්ව විනාශයට තල්ලු කිරීම සමස්ත රටම විනාශයට ගෙනයන්නකි. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජිවිතයක් සමස්ත රටේම අභිවෘද්ධියට බලපාන්නකි. එසේම එදා මෙදා තුර අයවැයකින් සිදුකරන්නේ රටේ අදායම වැඩි කරගැනීමට මත්ද්‍රව්‍ය අලෙවියෙන් බදු වැඩි කිරීමය. එහෙත් මෙම යහපාලන අණ්ඩුව සිදු කරන්නේ මත්ද්‍රව්‍ය වල බදු අඩුකර නිතීරිති අඩු කර රටතුළ සදාචාරය විරෝධී සමාජයක් සඳහා උඩගෙඩි දෙන අණපනත් ඇති කිරිම බව අපගේ හැගිමයි.

මහින්ද චින්තනයේදී ද මතට තිත ප්‍රතිපත්තිය මගින් සදාචාර සහ සෞභාග්‍ය අවභාවිත කළ බව රටම දන්නා කරුණකි. එවන් තත්ත්වයක් තුළ විශාල බලාපොරොත්තුවක් ඇතිව යහපාලන යුගයකට මුලපිරූ, ප්‍රධාන ක්‍රියාධරයකු වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන් ඇතුළු මහානාහිමිවරුන් විශ්වාස කළේ සාදාචාරය, සෞභාග්‍ය කැඳවන බවකි. එහෙත් රජය අද වන විට උන්වහන්සේලා සරණ යන්නේ පාලම්, බෝක්කු නම් කිරීමෙනි. ජනාධිපති මන්දිරය මගින් මත්ද්‍රව්‍ය විරෝධය සම්බන්ධයෙන් විශේෂ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සඳහා  ජනමාධ්‍යයට ද විශාල මුදල් වියදම් කර වෙළෙද දැන්විම් ප්‍රචාරය කරයි. එහෙත් ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ සිටින මංගල සමරවීර අමත්‍යවරයා කවදත් ක්‍රියාකරමින් සිටියේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රවර්ධන ප්‍රතිපත්තියකය. එම නිසා මොහු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන රටේත් ජාතියේත් අනාගත පරපුරෙත් හෙට දවස ගැන සිහිනුවණින් සිතා සාදාචාර සමාජයක් උදෙසා කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

තෙරුවන් සරණයි!

බුදුගල ජිනවංස හිමි

111 views

14 Comments to “සෝබිත හිමි නමින් පාලම් බෝක්කු නම් කරමින් ආණ්ඩුව මත්ද්‍රව්‍ය ප‍්‍රවර්ධනයේ..”

  1. Open mind says:

    සැබෑ අමද්යප විරුවන් නැගිටිවු. අපි නොදන්නා කමට අහන්නේ

  2. Kings says:

    ඔබ වහන්සෙ ඔහොම කිව්වහට හරියන්නෙ නැහෙ. බල්ලො මරල හරි ආන්ඩුවට සල්ලි හොයන්නයි ඕනෙ. සදාචාරෙ බල්ලට ගියාදෙන්.

  3. David Milli-Banda says:

    “සැබෑ සිංහළයන් එකා මෙන් නැගී සිටිය යුතු මොහොතක් එලඹ ඇත”

    Aney da manda……..සිංහළයන් hasirenne sakkili wage…….. awastha wadiyo wela.

    සැබෑ අමද්යප විරුවන් නැගිටිවු. අපි නොදන්නා කමට අහන්නේ sinhala weera duu puthun innawada ??
    Okkoma paawaa deela………….

Main News