සෝබිත හිමි හඬ නැගුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මිස ජනාධිපති පත් කරන ක්‍රමය වෙනස් කිරීමට නොවෙයි.. රතු අලි පැටවුන්ගේ 20 සංශෝදනයේ තදියම මොකක්ද..
May 31, 2018 at 4:40 pm | lanka C news
සෝබිත ස්වාමීන් වහන්සේ හඬ නැගුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මිස ජනාධිපති පත් කරන ක්‍රමය වෙනස් කිරීමට නොවන බව දේශප්‍රේමී වෘතිකයින් විසින් කැඳවා තිබූ ප්‍රවෘතී සාකච්ඡාවක දී ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ගැන අදහස් දක්වමින් ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය.
“1978 සැප්තැම්බර් 7 වනදා සිට ක්‍රියාත්මක වන වර්ථමාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන තුරු 19 වතාවක් සංශෝදනය වෙලා තියෙනව. ඉන් සමහරක් සංශෝදන නිසා 1978 ව්‍යවස්ථාවේ සමහරක් මූලික සංකල්ප බරපතල ලෙස අභියෝහයට ලක්වී අද රටේ ව්‍යවස්ථාව අවුලක් බවට පත් වෙලා. 13 වන ව්‍යවස්ථා සංශෙදනය හා 19 වන ව්‍යවස්ථා සංශෝදනය හොඳ උදාහරණ.
මහජන මුදල් කෝටි ගනන් වැයකරමින් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් වර්ථමාන රජය යටතේ ආරම්බ වී ඇත්තේත් මේ අවුල නිසායි. මේ මොන සාකච්ඡාව කලත් අවසානයේ නව ව්‍යවස්ථාවක් පිලිබඳ යෝජනා හෝ ව්‍යවස්ථා සංශෝදන ඉදිරිපත් විය යුතු ආකාරය ඉතා පැහැදිලිව වර්ථමාන ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා.
මේ පිලිගත් ක්‍රමවේදයෙන් පරිබාහිරව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ පෞද්ගලික මන්ත්‍රීවරයෙකුට යම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇති ඉඩ කඩ බාවිත කරමින් පස්සා දොරෙන් ව්‍යවස්ථා සංශෝදනයක් ඉදිරිපත් කිරීමට ජවිපෙ සැරසෙනවානම් එය සමස්ථ ව්‍යවස්ථාවටම කරන නිගරුවක්.
දැනටමත් අවුලක් බවට පත්වී ඇති 1978 ව්‍යවස්ථාවට තව තවත් සංශෝදන නිසි ක්‍රමවේදයටත් පිටින් ගෙන එමින් මෙය නියම අච්චාරුවක් බවට පත් කිරීමට රතු සහෝදරවරුට සෑදී ඇති කඩි කුලප්පුව මොකකද ?
වර්ථමානයේ රටේ ජනතාව ප්‍රශ්ණ රැසක මැදිවී සිටිනවා. එක් පැත්තකින් දිනෙන් දින ඉහල යන ජීවන වියදම. තවත් පැත්තකින් සොර මැරකම් , මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම් වැඩිවීම නිසා ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්ණ, රජයේ කිසිම ආයතනයකින් වැඩක් කරගන්නට බැරි තරමට රාජ්‍ය යාන්ත්‍රණය අකාර්මික වෙලා, විශ්ව විද්‍යාල සිසුන් දිනපතා මහපාරේ කඳුලු ගෑස් හා ගුටි බැට කනවා, මහජන ගැටලු විසඳන්නට කිසිවෙකු නැතිනිසා හැමතැනම මහජන උද්ඝෝෂන, වරක ඉඩෝරයෙනුත් වරක ගංවතුරෙනුත් ජනතාව පීඩා විඳිනවා, ආපදා කලමණාකරනය ගැන පාර්ලිමේන්තු විවාදයක් දීම හදිසියක් අවශ්‍යතාවක් නොවන බව කතානායක කියනවා.
මේ සියල්ල අස්සේ රතු සහෝදරවරුන්ට ඇති ලොකුම රාජකාරිය 20 ව්‍යවස්ථා සංශෝදනය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමද ? මේ යෝජනාවෙන් කෙරෙන මූලිකම දෙය තම චන්දයෙන් ජනාධිපතිවරයා තේරාගැනීමට ජනතාවට තිබූ පරමාධිපත්‍ය ජනතාවගෙන් ඉවත් කොට එම බලය පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනෙකුට ලබා දීම. ඉනුත් 29 දෙනෙක්ම ජනතා චන්දයෙන්වත් පත් වූ අයවත් නොවෙයි.
මේ යෝජනාවට අනුව පාර්ලිමේන්තුවේ 50% ක චන්දයෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීමත් පුලුවන්. අවසාන ප්‍රතිඵලය වන්නේ පොඩි පනතක් සම්මත කිරීමටත් කෝටි ගනන් මුදල් හුවමාරුවන පාර්ලිමේන්තුවේ සමහරක් දූෂිත නියෝජිතයින්ට ඉතා හොඳ නව ව්‍යාපාර අවස්ථාවක් පෑදෙන එක නේද ? විශේෂයෙන්ම අස්ථාවර පාර්ලිමේන්තුවක් තුල රතු සහෝදරයන්ගේ වැනි කුඩා පක්ෂවලට ජනාධිපති තෝරාගැනීමකදී හෝ ඉවත් කිරීමකදී මස් රාත්තලම ඉල්ලා කේවල් කිරීමේ අසීමිත බලයක් ලැබෙන නිසාද මේ යෝජනාව ? එහෙමත් නැත්නම් මේ පිටුපස තවත් අදිසි හස්තයක් තිබෙනවාද ? මින් විසඳෙන මහා ජනතා ගැටලුව කුමක්ද ?
– චාමින්ද කරුණාරත්න
oya 225 denaama gedara yawana yojanaawak genna berida?
Gon part danna epa. .
JVP carrying out UNP contracts promises to the Diaspora.
This could be a part of the promise made in 2013 by Mangala/Jayampathi/ Pissu Nona to to Surendhiran /Emmanuel and team in Singapore.
Gu Suwadata jvp oyataram kedarada.
සෝබිත හාමුදුරුවන්ට පපුවෙ අමාරුව හැදෙන්න හේතුවත් මේ යමපාලනය , උන්වහන්සේ උදවු කරපු පාර්ශවය උන්වහන්සේගෙ උදවුවෙන් ජය අරගෙන උන්වහන්සේගෙ ඉල්ලීම් අමතක කලා,
really appreciate taking up to the point. very good explanation
Lol. Look who is talking
I am glad that Dr Godahewa decided to make his opinions known on the 20a. We need patriotic, educated and capable citizens like Dr Godahewa to educate the general public. Thank you.