සෝමාලියා, ඉතියෝපියා, සුඩාන ඇතුළු සියළු මුදල් ඒකක සමගද රුපියල බාල්දුයි.. ප්‍රකට සමාගමේ වාර්තාව මෙන්න..
September 21, 2018 at 10:52 pm | lanka C news
ශ්‍රී ලංකා රුපියල මේ වන විට ජාත්‍යන්තර මුදල් ඒකක සමග විශාල වශයෙන් අවප්‍රමාණය වෙමින් පවතී.
ඇමරිකානු ඩොලරය, ස්ටර්ලින් පවුම්, යුරෝ, යුආන්, යෙන් සමගින් ආදී ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ මුදල් ඒකකයන් අවප්‍රමාණය වීම විශාල වශයෙන් සිදුවී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ ලෝකයේ දුප්පත් රටවල් ලෙස සැලකෙන රටවල මුදල් ඒකක ඉදිරියේදී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබීමයි.
සුඩානය,සෝමාලියාව, ඉතියෝපියාව, බුරුන්ඩි, ලයිබීරියා, නයිජීරියා ආදී රටවල මුදල් ඒකක සමගද ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස අවප්‍රමාණය වී ඇත.
කෙසේ වෙතත් රජයේ මාධ්‍ය ප්‍රකාශක බව සඳහන් කරන්නේ ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති නිසා බවයි.
කෙසේ වෙතත් සෙසු මුල්‍ය ඒකක සමඟ අවප්‍රමාණය වන්නේ කුමක් නිසා දැයි පැහැදිලි කර නැත.
මේ අතර සිම්බාරවේ මියන්මාරය ආදී රටවල් සුළු ප්‍රමාණයක මුදල් ඒකක හමුවේ රුපියලේ සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇත.
සුප්‍රකට Google විනිමය අනුපාත සටහන මෙතනින්
ලිච්ඡවී යහපාලන රජයේ පියවි ඇසට නොපෙනෙන සංවර්ධනයේ තවත් එක් ප්‍රතිඵලයක්!!
ඔිනෑම රටක මුදල් ඒකකය අවප්රමානය වීීීීම ගැන එරට පවතින ආණ්ඩුව වග කිව යුතුය්. සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඇතිවන අධික මුදල් සන්සරනය රටෙි මුදල් ඒකකය අවප්රමානය වීීීීමට ප්‍රධානම හේතුවය්. රජයේ සේවකයන්ට රු10,000/- ක් පඩි වැඩි කොරන්න සහ බැඳුන්කර හොරකමෙින් අහිමි වූ මුදල් පියව ගන්න කොපමන මුදල් අච්චු ගැහුවාද? යන ප්‍රශ්ණයට යහපාලන හැත්ත බුරුත්තම මහජනතාව වන අපට උත්තර දිය යුත්ය්.
අපි පොඩි කාලෙ සතයක් අද රුපියලකට වඩා වටිනවා. මතකද 1960 ගනන් වල ප්ලේන් ටී එකක් ශත පහය්, අද සීනි නැතුව ප්ලේන් ටී එකක් රු දහයය්.
අපි පොඩි කාලෙ සතයක් අද රුපියලකට වඩා වටිනවා. මතකද 1960 ගනන් වල ප්ලේන් ටී එකක් ශත පහය්, අද සීනි නැතුව ප්ලේන් ටී එකක් රු දහයය්. රනිල්/සිරිසේන ජෝඩුව අගේට හැදීී ගන ආව රට කෑවා.
එසේ නොකියන්න වර්ථමාන ආර්ථික ඔස්තාර්ලාගේ අධීක්ෂණය යටතේ පවතින ලංකාවේ ආර්ථිකය කවදාවත් එසේනොවන බව දැනගන්න.අපේ සුදුතුම්පියා නොහොත් බැංකු සුදා සිටිනතාක්කල් ලංකාවනම් කවදාවත්ම ඔය කියන සෝමාලියා අනේකුත් රටවල් වගේ නොවන බව මතක තබාගන්න.
රුපියල මස්ත බාල්දු වෙන්නේ ඉවක් බවක් නැතිව නොට්ටු මුද්‍රණය කරන නිසා ය. ට්‍රම්ප් කළ කෙං ගෙඩියක් නැත. අපේ ආර්ථිකය කාබාසිනියා කරන්නේ මේ කාළකන්නි මුග්ධ පාළකයන්ය.
ලංකාව බොහෝ රටවල් වලින් වෙනස්වන්නේ ඕනෑම තක්කඩි වැඩක් කරලා, තමන්ගේ නොහැකියාව වහගන්න ඕනෑම බොරුවක් කියල, කිසි දෙයක් උනේ නැති ගානට තමන්ගේ තනතුරේ ඉන්න පුළුවන් එක. මේක දේශපාලකයට විතරක් නෙවෙය් රජයේ සේවයටත් අදාලය්..
Since 1st January 2018, Lanka Rupee is down against Yen and Euro. But up against Australian Dollar and Indian Rupee. Everybody is down against the USD