සෝමාලියා කොල්ලකරුවන් පැහැරගත් නෞකාව හා ලාංකිකයන් 08 දෙනා කප්පම් නොගෙනම මුදා හැරේ..

March 17, 2017 at 8:40 am | lanka C news
සෝමාලියා කොල්ලකරුවන් පැහැරගත් නෞකාව හා ලාංකිකයන් 08 දෙනා කප්පම් නොගෙනම මුදා හැරේ..

සොමාලියාව ආසන්න මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදී මුහුදු කොල්කරුවන් වසින් පසුගිය 13 වැනිදා පැහැරගන්නා ලද ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සහිත නෞකාව අද අලුයම ඔවුන් විසින් මුදා හැර ඇත.

පුන්ට්ලන්ඩ් ආරක්ෂක අංශ හා සොමාලියානු කොල්ලකරුවන් අතර පැවති සාකච්ඡා වලින් පසුව මෙසේ මුදා හැර ඇති නෞකාව මේ වන විට වෙනත් වරායක් කරා යාත‍්‍රා කරමින් සිටී.

කිසිඳු කප්පම් මුදලක් හෝ වෙනත් ගෙවීමකින් තොරව මෙසේ නෞකාව මුදා හැර ඇත.

238 views
Main News