සෝමාලි කැරලිකරුවන් මැඩ නැව බේරා ගත් වීර මෙහෙයුම කලේ මංගලයි.. මමයි..- හර්ෂද සිල්වා
March 17, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව ගමන් කල ඉන්ධන ප්‍රවාහන නැව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමෙන් පසු එය මුදා ගැනීම සදහා විදේශ ඇමති මංගල සමරවීර සමග තමන් විසින් සිදු කරනු ලැබූ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් පුටුවේ සටහනක් තබා ඇත.
ඒ සම්බන්දයෙන් ක්‍රියා කල යුතු ආකාරය සම්බන්දයෙන් තමන් විසින් පුන්ට්ලන්ට් ජනාධිපතිවරයාටත් සෝමාලියා රජයටත් උපදෙස් ලබා දුන් බවයි.
මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා කියා සිටියේ මෙම නෞකාව බේරා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා රජයේ මෙන්ම ඉන්දීය සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බවයි.
කිසිදු කප්පම් මුදලක් නොගෙවා ලේ වැඟිරීමකින් සිදු නොවී ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය බේරා ගත් බවද ඔහු සදහන් කලේය.