සෝමාලි කොල්ලකරුවෝ ඉන්දීය නැවක් පැහැරගනී.. බේරාගන්න හර්ෂද සිල්වාගේ whatsapp මෙහෙයුම සූදානම්..

April 4, 2017 at 10:00 am | lanka C news
සෝමාලි කොල්ලකරුවෝ ඉන්දීය නැවක් පැහැරගනී.. බේරාගන්න හර්ෂද සිල්වාගේ whatsapp මෙහෙයුම සූදානම්..

කාර්ය මණ්ඩලය 11 දෙනෙකු දෙනෙකු සහිත ඉන්දීය වෙලද නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබේ.

සෝමාලියානු මුහුදු තීරය ආසන්නයේදී මෙම පැහැර ගැනීම සිදු කර ඇත්තේ නෞකාව ඩුබායි සිට බොසාසෝ වෙත ගමන් කරමි සිටියදීය.

දැනට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලාංකික කාර්ය මණ්ඩලය 08 දෙනෙකු සහිත නැවක්ද සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහර ගත් අතර එම නෞකාව මුදා ගනු ලැබුවේ තමන් සහ පුට්ලන්ඞ් ජනාධිපතිවරයා රක්ව සිදු කරනු ලැබූ whatsapp මෙහෙයුමක් මගින් යයි මෙරට නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මහතා එදිනයන්හිදී මාධ්‍ය සාකච්චාවක් අමතමින් කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ සමීපතම මිතුරා මෙන්ම කලපයේ ලොකු අයියා වන ඉන්දියාවේ නෞකාවක් එවන් අනතුරකට හුහුණ දී සිටියදී හර්ෂද සිල්වා මහතා සිය whatsapp මෙහෙයුම නැවත වතාවක් දියක් කර ඉන්දීය නැවද බේරා දෙනු ඇති බවට සාමාජ මාධ්‍යන්හි සංවාදයක්ද ඇතිව තිබේ.

64 views
Main News