සෞඛ්‍ය ලොක්කෙක් බීමත්ව රිය පදවා අධිකරණයේදී වරද පිලිගනී…
March 29, 2022 at 5:30 pm | lanka C news
බිමත්ව රිය පැදවු නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (29) දින වරද පිලිගත් නිසා නුවරඑලිය මහෙස්ත්‍රාත් ජි.ජි.ප්‍රදිප ජයසිංහ මහතා තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500/= ගෙවන ලෙස නියෝග කර රියදුරු බලපත්‍රය මුදා හරිනු ලැබුහ.
මෙසේ තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු 1500/= වශයෙන් ගෙවන ලෙස නියෝග කරනු ලැබුවේ නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනු ලබන මනතුංග මුදියන්සේලාගේ සුමිත් නිමල් මනතුංග යන අයටයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඉකුත් (27) දින ඔහුගේ නිල රථය වල PK -7021 දරණ කැබ් රථය අධික ලෙස බිමත්ව හැටන් කුඩාගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් එම හෝටලයේ සේවකයින් බිමත්ව සිටිනවාද යන්න පරික්ෂා කිරිමට පැමිණි බවත්, එහිදි එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය විසින් තම හෝටලයේ කිසිවෙක් බිමත්ව සේවයේ යෙදිනොසිටින බවත්, බිමත් අය පරික්ෂා කිරිමට පැමිණිමේදි ඔබතුමා බිමත්ව නොපැමිණෙන ලෙස ලෙසට කල ප්‍රකාශයෙන් පසු උරණ වු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පිටව ගොස් ඇත.
පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කොටගල ප්‍රාදේශිය රෝහලට ගොස් ආපසු නුවරඑලිය දක්වා සිය නිල රථ ධාවනය කරමින් සිටියදි ඊට පසුපසින් යතුරුපැදි දෙකකින් ගමන් කල යතුරුපැදිකරුවන් දෙදෙනෙකු බිමත්ව කැබ් රථයක් ධාවනය කරවන බවට තලවකැලේ නගරයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටි තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් වෙත කල දැනුම්දිමක් මත එම පොලිස් නිලධාරින් කැබ් රථය නවතා පරික්ෂා කිරිමේදි එහි රියදුරු අධික ලෙස බිමත්ව සිටි නිසා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර (29) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු අංක 98746 යටතේ බිමත්ව රිය පැදවිම යන චෝදනාව යටතේ නඩු පවරා තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Is this a news??
අහිංසක මිනිස්සුන්ට අඩුම 25000 ක් ගහනවනෙ.
අපරාදේ ….. කේස් එක තව ටිකක් තදට ඇදල , ජනාධිපති සමාවක් වගේ පුීතමත් අවසානයක් කරා ගෙනියලා ඉවර කරන්න තිබිබෙ.
ඔව්ව මොනාද බීල රිය පදෝල මාට්ටු උනා වී එයිට් වහන්සේ නමක් උන්වහන්සේට දඩුවම් කලා ලෙසට මොකද්ද දඩුවම ? හදන්න දුන්න එක රටක් එක නීතියක් තව දඩුවම දැඩි වෙන්න වී එයිට් එකක් ඩිෆෙන්ඩර් ගාඩ් එහෙමත් දුන්න.ලේසි වෙන්නෙ නෑ වැරදි කරල.
නීතිය හැමට සමාන වියයුතුය . මම බීල වාහනයක් පදවල අහුවුණොත් 1,500/= න් බේරෙන්න පුළුවන්ද.