සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට.. සෞඛ්‍ය සේවක වැටුප් කප්පාදුවක්..

May 20, 2022 at 8:02 am | lanka C news
සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට.. සෞඛ්‍ය සේවක වැටුප් කප්පාදුවක්..

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය්ක මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව හා නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණයට එරෙහි මැයි මස 25 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය.

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයකට කිසිසේත්ම මගහැර යා නොහැකි වගකීමකි.

ඉතිහාසය පුරාම ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී හෝ ජාතික ආපදාවකදී අසීමාන්තික කැපකිරීම් සිදුකරමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකගැනීමේ අරමුණින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සමානාත්මතාවයෙන් යුතුව සැපයීම සඳහා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අනුපමේය මෙහෙයක් සිදුකර ඇත. පසුගිය කොවිඩ් වසංගතයේදී මෙන්ම මේ වන විට රට තුළ උද්ගත වී ඇති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ වුවද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය තමන්ගේ වගකීම අකුරටම ඉටු කරමින් සිටියි.

එහෙත් ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම මඟහරිමින්, සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන කපාහරිමින් සහ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කරමින් සෞඛ්‍ය සේවකයින් අධෛර්යමත් කර සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ පසුබිමක් වත්මන් පාලකයන් විසින් නිර්මාණය කරමින් සිටියි. එසේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීමත්, ජාතික සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමත් තුළ ආර්ථික ගැටලුවට මුවා වී නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් සිටින බව අපගේ නිරීක්ෂණයයි.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සමිති නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේ දී පැවැත්විණි.

එහිදි, ලෝකය පුරා ඉහළ කීර්තිනාමයක් හිමි කරගත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට විරුද්ධව සියළුම පාර්ශව සමඟ එක්ව කොන්දේසි විරහිතව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඒකමතිකව තීරණය කරන ලදී.

තවද, යම්හෙයකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප් කප්පාදුවක් සිදුකලහොත්, මැයි 25 දිනෙන් පසු, පූර්ව දැනුම් දීමකින් තොරව අනෙකුත් සියලු සෞඛ්‍ය සේවකයින් සමඟ එක්ව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමටද එහිදි ඒකමතිකව තීරණය කරන ලදී.

විශේෂයෙන් දේශපාලනඥයින්ගේ සුඛ විහරණය උදෙසා සිදුකරනු ලබන ව්‍යාපෘති සඳහා අරමුදල් වැය කිරීමට ලබාදෙන ප්‍රමුඛතාවය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රැකගන්නා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් හිමිනොවීම පිළිබඳව සාමාජිකයන්ගේ දැඩි අප්‍රසාදය ප්‍රකාශ කරන ලදී.

සෞඛ්‍ය විෂය සඳහා අමාත්‍යවරයෙකු තවම පත් කර නොමැති අවස්ථාවකදී මෙම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගරු අග්‍රමාත්‍යතුමන්, අග්‍රාමාත්‍ය ලේකම්තුමන්, මුදල් අමාත්‍යංශ ලේකම්තුමන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගෙන් කඩිනම් සාකච්ඡා ඉල්ලා සිටීමටත්, එහිදි මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් මැයි මස 25 වෙනිදායින් පසු ඕනෑම මොහොතකදී විධායක සභාව විසින් තීරණය කරනු ලබන ඕනෑම ආකාරයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත් ඒකමතිකව තීරණය කරන ලදී.

44,939 views

31 Comments to “සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට.. සෞඛ්‍ය සේවක වැටුප් කප්පාදුවක්..”

  1. SF says:

    රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගන්න වයිද්වරුන්ට පුද්ගලික සේවය සම්පූර්නයෙන් තහනම් කරන්න ඕනෙ. කැමතිනම් සේවාවක් විදියට නොමිලේ කරලා බෙහෙත් වලට විතරක් සල්ලි ගන්න දෙන්න ඕනෙ.

    පුද්ගලික විද්යවිද්යාලයක් දාල තමන්ගේ සල්ලි වලින් ඉගෙනගන්න වයිද්යවරුන්ට විතරක් පුද්ගලික සේවය කරන්න ඉඩ දෙන්න ඕනෙ.

    ලෝකෙ නොමිලේ අධ්යාපනය කියලා දෙයක් නෑ. කවුරු හරි ඒ මිල දරනවා. අපේ රටේ ඒ මිල දරන්නේ දුප්පත් අහින්සක මිනිස්සු.

    • Carbon says:

      Great Idea

    • Gayan says:

      එතකොට ටියුෂන් ගුරුවරු….
      ඉගන ගත්තෙම නැති දේශලාළුවෝ…

    • Anju says:

      👍Excellent idea. SriLanka must be the only country where most things are provided for free. That is the reason people keep demanding for more & more. That is a reason, along with CORRUPTION at all levels, that SriLanka is Bancrupt & ALL OF US ARE SUFFERING.

    • Pn says:

      මේ කතාකරන කෙනා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඒ මුදල් රජයට දීල තියෙනවද? වෛද්‍ය අය පලමු වසර තුළදී ඔවුන්ට වියදම් කල මුදල් ප්‍රමාණය ගෙවන බව දන්නේ නැද්ද ( මාසික වැටුප rs 50000 දවසකට අමතර වැඩ කිරීම් පැය 16 ඒකට වැටුප් නොමැත)

  2. citizen says:

    GMOA oyitharam leddunta adarei nam ai ledunwa apayata thiyan illeem dinanta hadanne?

  3. Gayan says:

    ගුරුවරුන්ට ටියුෂනුත් නතර කරන්න. තොපි පාඩම් නොකර විභාග පේල් වුනාට දොස්තරලා පලිද…

    • SF says:

      කරන්න බෑ වගේනම් වයිද්ය විද්යාලයට නොයා ඉන්න. උබලව පොලීසියෙන් ඇවිත් බලෙන් අරගෙන ගියාද වයිද්විද්යාලට?

  4. අංකූරා says:

    මේ අමාරු කාළයක් බව තොපිට තේරෙන්නෙ නැද්ද ?.
    ඇයි සෞඛ්‍ය සේවකයන්ට විතරක් විශේෂයක් ?, වැටුප් සීමාකරනවා නම් හැම රජයේ සේවකයටම එක වගේ කරන්න ඕනෑ. මෙච්චරකල් ජනතාවගේ අත කරකවල කොටාගත්ත දේවල් මේ අමාරු කාලෙ ප්‍රයෝජනයට ගනියව්. රට කාපු හැත්ත.

    • DH says:

      වයිද්යවරුන්ට අතවශ්ය සේවා කියලා පෙට්‍රලුත් දෙනවා. පෙට්‍රල් ගහගෙන ගිහින් පුද්ගලික චැනලින් කරනවා. ඊට පස්සේ රට හදන්න කතා කරනවා.

      • Gayan says:

        දන්න දෙයක් කියපන් මීහරකො.
        කොයි දොස්තරටද එහෙම පෙට්රල් දුන්නෙ.

  5. අතුලසෞදි says:

    සෞඛ්‍යය,ගුරු,වරාය හා විශ්ව විද්‍යාල වල සියලු වෘත්තීය සංගම් අහෝසි කළ යුතුය.(ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය මෙන්).

    • රටේ එකා says:

      1948 කරන්න තිබුන දේවල්. දැන් කරන්නත් බෑ, නොකර රට හදන්නත් බෑ.

    • රටවැසියා says:

      ඔව්. වෘත්තිය සමිති මාෆියාවනුත් රටේ විනාශයට එක හේතුවක්, දූශිත, අදූරදර්ශී, ආත්මාර්ථකාමී දේශපාලුවන්ට අමතරව.

  6. Pora says:

    Those who are not intelligent and unable to get through competitive exams well are usually jealous of Doctors. Private medical colleges are good for fools. They produce unqualified doctors and play about with patients lives. With just 2 AL subjects those who can afford to pay a large amount of money can enter a private medical college.

  7. sunimal says:

    අම්මේ.. මොකට කියනවද.. ලෝකෙ සුපිරිම සේවාව. මූලික පඩිය සහ අතිකාල අනෙකුත් දීමනා එක්ක ලක්ශ 1.5ක් ව්ත් ගන්නවා රෙජිට්‍රාර් කෙනෙකුත්. ඊට උඩ අය ලක්ශ 3-4 ගන්නවා අඩුම. තව පුද්ගලික චැනලින් වලින් දවසකට රු. 60,000-100,000 අතර වගේ හොයනවා. මෙව්ව කරයි කියමුකො. ඒ උනාට මේ සංගමය පහුගිය කාලෙ හැම උද්දමන වැඩිවීමකට සමගාමීවම තමන්ගෙ පඩි සහ ප්‍රවාහන දීමනා වැඩි කරගත්තා ලෙඩ්ඩු බිල්ලට තියල වැඩ වර්ජන කරලා. අර “උසස්” සේවය කියන්නෙ මේකටද? රජයේ රෝහලකට ගියොත් පේනවා ඒවායේ ක්‍රමවේදයන් අනාතයි, ලෙඩ්ඩු රස්තියාදුව උපරිමයි, අත්වැරදීම් පැහැරහැරීම් බහුලයි. උසස් වෙන්නෙ දොස්තර බලන පාට් එක විතරයි. ඒත් ඒක ලබාගන්න ලෙඩ්ඩු දහදුක් විඳින්න ඕනෙ. ටියුශන්, ප්‍රයිවෙට් බස්, හෙදියන්, නිතිවේදීන් ගැනත් ඔය කතාවම තමා. සාදාරණ මිලක් ලෙඩ්ඩුන්ගෙන් අයකරගෙන (උදාහරණ රු. 200ක් වගේ) ඒකෙන් මුන්ගෙන් පඩිවල්ට අරගෙන සේවාව උසස් කරන එක ඊට වටිනවා. රජයේ වෛද්‍යවරු පුද්ගලික චැනලින් කරන එකත් දවසකට එක රෝහලකටවත් සීමා කරන්න පුලුවන් එතකොට.

    • NN says:

      good idea thawa thiyanawa.railway,CEB
      telecom.air lanka.CTB. patroliam mawa okkoma private kala uthui.strick karaya 82 wegeewath kala uthui

  8. ක්‍රිමිනල් says:

    වරෙව් අපි නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවයයි කාලම දාමු.
    තොපේ හාමුලාගේ දරුවෝ කොහොමත් රට…
    තොපි තොපේ දරුවන්ටවත් හරියට උගන්නන්න නැතුව බැලමෙහෙවර කරගෙනම හිටපියව් !