සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට.. GMOA වර්ජන කැදවයි..

May 17, 2022 at 5:30 pm | lanka C news

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ාධ්‍ය නිවේදනය

නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණය පරදවමු. 

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමකි.

ත්‍රස්තවාදී යුධ සමයේදී, කොවිඩ් ඇතුලු වසංගත සමයන්හිදී, විවිධ ගැටුම් හා මිලේච්ඡත්වය හේතුකොටගෙන ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවන්වලදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන, විදුලිය, ප්‍රවාහන පහසුකම් නොමැති විටදීත්, ඕනෑම ජාතික ආපදා අවස්ථාවකදීත් ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවය අඛණ්ඩව ඉහල ගුණාත්මක තත්වයෙන් සහ සමානාත්මතාවයෙන් පවත්වාගෙන යාමට සියලු සෞඛ්‍ය සේවකයන් අප්‍රමාණ  කැපවීමෙන් කටයුතු කර ඇත. වර්තමාන ආර්ථික හා දේශපාලනික අර්බුදය හමුවේ මෙන්ම පවතින ඖෂධ හා උපකරණ හිඟය තුලදී, දැඩි බාධක සහ අසීරුතා මධ්‍යයේ වුවද උපරිම සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට මෙරට සෞඛ්‍ය සේවකයින්  කටයුතු කරමින් සිටියි.

මෙම අර්බුද හමුවේ ජනතාව ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පෝලිම් වල සිටියද, මරණය හමුවේ හෝ හදිසි ප්‍රතිකාර අවශ්‍ය මොහොතකදී පෝලිම් වල කල්ගත කරමින් සිටිය නොහැකි බව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු සමස්ත  දේශපාලන අධිකාරිය දැඩිව වටහාගත යුතුය. ඖෂධ අර්බුදය සහ සෞඛ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වල හිඟය වහාම විසඳාලීමේ අවශ්‍යතාව   සම්බන්ධයෙන්  අප දිගින් දිගටම  පෙන්වා දුන්නද අද වන තෙක් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හිමිවිය යුතු ප්‍රමුඛතාවය ලබා දෙන බවක් නිරීක්ෂණය නොවේ.

පවතින අර්බුදකාරී තත්වය මත රටේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම උදෙසා රාජ්‍ය සේවය අඛණ්ඩව සහ ප්‍රශස්තව පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී වර්තමාන අග්‍රාමාත්‍යතුමන් සහ මහ බැංකු අධිපතිතුමන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීමට කටයුතු කරන බව සඳහන් කර තිබියදීත්, මුදල් අමාත්‍යංශයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරීන් සහ ඇතැම් පිරිස්, සියලු අසීරුතා නොතකමින් අඛණ්ඩව  සේවයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කිරීමට මේ මොහොතේ ගන්නා උත්සාහය තුලින් පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයෙකුද නොමැති මොහොතක තවදුරටත් සෞඛ්‍ය සේවකයින් පීඩාවකට සහ අසහනයට පත්කර  ඒ තුළින් අනවශ්‍ය අර්බුධයක් සහ නොසන්සුන්තාවයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල නිර්මාණය කිරීමේ කූඨ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

සෞඛ්‍ය සේවාව සැලසුම්සහගත ලෙස තවදුරටත් අර්බුදයකට තල්ලුකිරීම තුල නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ. සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රතිපාදන ලබාදීම, සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම, ඖෂධ අර්බුදයට විසඳුම් සෙවීම ආදිය සම්බන්ධයෙන් දක්වන උදාසීන ආකල්පය සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ගන්නා උත්සාහයන්ගෙන් පැහැදිලි වනුයේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය හා සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදෙනවා වෙනුවට නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් අද දිනයේ හදිසි ශාඛා සමිති රැස්වීම් පවත්වන අතර ඒ සම්බන්ධ සාකච්ඡා කර අවශ්‍ය  තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට දින උදෑසන පැවැත්වීමට නියමිතය. එහිදී  නිදහස් සෞඛ්‍ය සහ සෞඛ්‍ය ප්‍රමුඛත්වය ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඕනෑම ආකාරයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළැඹීම සඳහා තීරණ ගැනීමට අපගේ මධ්‍යම කාරක සභාව පසුබට නොවන බව දන්වා සිටිමු.

58,801 views

28 Comments to “සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට.. GMOA වර්ජන කැදවයි..”

  1. lotus says:

    So stop Privet practice, Close channeling centers……………………Ranil Awama Amaruwa Hedenawa meda.

  2. අක්බාර් ලොක්කා says:

    වැක්සින් නොමිලේ දීපු චීනා එක්ක වැඩකල මහින්ද පැත්තකට කර ගොඨා සහ බැසිල් ඇමරිකාව දෙසට ඇදගෙන ගොස් IMF කොන්දේසි වලට යටත් විමේ ප්‍රතිඵල තමයි.
    තමන්ගේ බඩ වඩා ගැනීමට රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජනය කල දොස්තරල පිරිමි නර්ස්ල, සහ රවි කුමුදූෂ්ලත් සෞඛ්‍ය සේවය පිරීහමට ලක් කල නිසා රාජ්‍ය සේවයත් ජනතාවට එපා උනා

  3. Silva says:

    If this is true, fantastic decision, this should have been done long time back, one might ask what will happen to the under privileges, that should sort later.

  4. sampath says:

    ANOTHER GMOA- MAHINDA deal

  5. DH says:

    අපේ රටේ සෞක්ය අන්ශයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමා උන් හිතනවා සෞක්ය සේවය කියන එක රටේ ආර්ථික තත්වට අදාල නැති දෙයක් කියලා. කොරෝනා කාලෙත් ඕක උනා. උන්ට අනූව ආර්ථිකය ගැන අමතක කරලා රට වහලා දාන්න ඕනෙ.

    දැන් රටේ ආර්ථික තත්වය මත රාජ්ය වියදම් අනිවාර්යෙන් අඩු කරන්න වෙනවා. එහෙම අඩු කරද්දී එක එක union පාරට බහිනවානම් මේක නතර වෙන්නේ වෙනිසියුලාව තත්වෙන්.

  6. බයිසන් says:

    GMOA එකේ ඉන්න තක්කඩි ඩොකාලා රනිල් එක්ක තරහයි. යහපාලන කාලෙත් හැම මාසයකම දවස් දෙකක් තුනක් වැඩවර්ජනය කළා. පාදෙණිය මයිනා ගේ කකුල් මිරිකන්න යන නිසා පහුගිය දවස්වල වැඩවර්ජන කළේ නැහැ. දැන් ඉතිං මේ ආණ්ඩුව තියෙනකම් මයිනා ගේ කොන්ත්‍රාත්තුව අනුව රෝහල්වල ප්‍රශ්න ඇති කරයි.

  7. Sakshi says:

    Yes, privatize with immediate effect. Then free education got all medical guys to do their jobs well and only real patients visit hospitals.

  8. NuwanJ says:

    ඔකට විරැද්ධ සෞඛ්‍ය සෙවයෙ සෙට් එක විතරය දුප්පතාට රජයෙ වියදමින් බෙහෙත් දෙන විදිහක් හදල කලානම් වර්ජන නිකම්ම නවති

  9. බංඩා says:

    සෞඛ්‍ය පුද්ගකකරනය කොහොම වුනත් සේවා ලාබීන්ගෙන් පොඩි හෝ මුදලක් (100/= ක් වගේ) අය කරනවා නම් හොදයි. එතකොට අන්වශ්‍ය රෝගීන් අඩු වේවි. ඕනි නම් අඩුම ආදායම් ලාබීන්ට හරියට තක්සේරු කරලා නොමිලේ දෙන ක්‍රමයක් හදන්න පුලුවන් .

  10. Power says:

    නියමයි..මේ රට ගොඩ දාන්න නම්, අයිස් ගගහා කාලේ කකා ඉදලා රටත් බංකොලොත් කරන රාජ්‍ය අංශය අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කළ යුතුයි. විශේෂයෙන් තැපැල් දෙපාර්තමෙන්තුව වගේ ඒවා. ගමකට ගිහින් බලන්න තැපැල්, උප තැපැල් කන්තෝරුවලට මෙලෝ වැඩක් කරනවද කියලා. නිකං ඉදලා පඩි කන ජොබ් එකක් ඊට වඩා තවත් නෑ. සෞඛ්‍ය අංශය උනත් තමන්ගේ වැඩ තියලා ආණ්ඩු මට්ටු කරන්න එනවා නම්, අනිවාර්යයෙන්ම ඕකත් පුද්ගලීකරණය කරලා ඔය හොර තක්කඩි ටික මට්ටු කරන්න ඕනී. ඒ වගේම නිදහස් අධ්‍යාපනයත් මේ රටේ නැති කරලා ඒකත් පුද්ගලීකරණය කරලා පඩියත් ගානට මිම්මට අරන් ආණ්ඩුත් මට්ටු කරන්න එන ගුරුවරු ටිකත් මට්ටු කළ යුතුයි. වෙනත් රටවල් අද දියුණු වෙලා තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් නෙමෙයි. මේ රට ගොඩ දාන්න නම් බය නැතුව ඒ තීරණ රජයක් විදිහට අරගත යුතුයි.

    • ඇල්වතූර says:

      කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙ උන් උදෑසන ඇවිත් අත්සන් කරලා ගෙදර යනවා
      හොයන්න එකෙක් නෑ . ඌත් ගෙදර යනවා

Main News