සෞඛ්‍යය අමාත්‍යාංශට ජනාධිපති පත්කල ලේකම් උදය සෙනෙවිරත්න වැඩේ අත නොහරි… ජනාධිපති කාර්යාලය තිබු ආපදා රැස්වීමට සෞඛ්‍යය ලේකම් ලෙස සහභාගි වේ…

June 14, 2017 at 12:16 am | lanka C news
සෞඛ්‍යය අමාත්‍යාංශට ජනාධිපති පත්කල ලේකම් උදය සෙනෙවිරත්න වැඩේ අත නොහරි… ජනාධිපති කාර්යාලය තිබු ආපදා රැස්වීමට සෞඛ්‍යය ලේකම් ලෙස සහභාගි වේ…

සෞඛ්‍යය අමාත්‍යාංශට මෑතකදී ජනාධිපතිවරයා විසින් පත්කල උදය සෙනෙවිරත්න ලේකම්වරයාට අමාත්‍යාංශයේ මෙතෙක් රාජකාරි භාරගැනීමට අවස්ථාවක් ලබානොදිමට සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කල බැව් වාර්තා විය.

එහෙත් ඊයේ (13) වෙනිදා පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ රැස්වීම ජනාධිපති කාර්යාලයේදි පැවතුනි.

ඒ සඳහා සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස උදය සෙනෙවිරත්න මහතා සහභාගි වූ අතර ඔහු මෙතෙක් වැඩ භාර ගැනීමට අමාත්‍යාංශයට නොපැමිණීයත් මෙම රැස්වීමට අමාත්‍යාංශයේ ලේකම් ලෙස සහභාගි විශේෂත්වයකි.

ඒ නිසා එම අවස්ථාවට සහභාගි වූ අනෙකුන් රාජ්‍ය නිලධාරින් ඔහුගේ ක්‍රියාව එඩිතර ක්‍රියාව සම්බන්ධව සතුට පලකලේය. එමෙන්ම රාජ්‍ය නිලධාරින් ලෙස අමාත්‍යවරුන්ගේ රූකඩ බවට පත්නොවීම සම්බන්ධව ඔහුට එම අවස්ථාවට සහභාගි වූ නිලධාරින් සුභ පැතිය.

18 views

3 Comments to “සෞඛ්‍යය අමාත්‍යාංශට ජනාධිපති පත්කල ලේකම් උදය සෙනෙවිරත්න වැඩේ අත නොහරි… ජනාධිපති කාර්යාලය තිබු ආපදා රැස්වීමට සෞඛ්‍යය ලේකම් ලෙස සහභාගි වේ…”

  1. Jonaa'S Brother says:

    රාජිතයගෙ දත් 32 ම කුණුවෙලාලු,
    අනේ මෙහෙම ගන්ඳනයක්
    මයිතුනාට බලු නොවටින ගන්ඳනයක්.
    චතුර පුතා රස විඳිනා ගන්දනයක්
    ටොයිලට් වලේ ගඳටත් වැඩි ගන්ඳනයක්

  2. Aurora says:

    ලේකම්තුමනි මහජන අප්‍රසාදය ඉදිරියේ කෝපයෙන් වියුරුවෙන් පුපුරමින් ඉන්න මෝඩ මේ පට්ට බොරුකාර ඇමතියා ඉදිරියේ ඍජුව නොසැලී සිටින ඔබ අපේ රටේ සියල්ලන්ට මහත් ආදර්ශයක්. ඔබතුමා කවදත් ආදර්ශමත් නියම මිනිසෙක්.

  3. පාල says:

    මේකට එච්චර කලබල වෙන්ඩ දෙයක් නැහැ. ලේකම්තුමා ඔය රැස්වීමට යන්ඩ ඇත්තෙ ජනාධිපතිතුමා එයාව පත් කළ නිසා ඒකට නොගියොත් තවත් ලෙඩක් වැයෙන්ඩ තියෙන එක වලක්ව ගන්ඩ මිසක් වෙන නිර්භීත කමකට නොවන බවයි මට හිතෙන්නෙ.

Main News