සෞඛ්‍යය උපදෙස් නොතැකූ රැස්විමක් පොලිසියෙන් විසුරුවා හරී.. උණුසුම් තත්වයක්..

October 12, 2020 at 3:23 am | lanka C news
සෞඛ්‍යය උපදෙස් නොතැකූ රැස්විමක් පොලිසියෙන් විසුරුවා හරී.. උණුසුම් තත්වයක්..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ නිකුත් කර ඇති සෞඛ්‍යය උපදෙස් උල්ලංඝනය කරමින් වටවල ටෙම්පල්ස්ට්‍රෝ ජන පදයේ ප්‍රජා ශාලාවේ පැවති රැස්විමක් විසුරුවා හැරිමට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා සහ වටවල පොලිසියේ නිලධාරින් (11) දින පස්වරුවේ කටයුතු කලහ.

වටවල මවුන්ජින් ප්‍රදේශයේ මැණික් ඉල්ලම් සහිත ඉඩමක නිතියානුකුලව මැණික් ගැරිම සදහා වටවල ප්‍රදේශයේ ප්‍රදේශවාසින් එක්ව  පිහිටුවාගත් සමිතියකට ගිනිගත්හේන ගොවිජනසේවා මධ්‍යස්ථානය මගින් ලබා ගැනිමට එම රැස්විම (11) දින පස්වරුවේ කැදවා තිබුණි.

ගිනිගත්හේන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු එම රැස්විම සදහා වටවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාගේද අවසරය ලබාගෙන තිබුණද එම අවසරයේ අනුමත ප්‍රමාණයට වඩා නිසි සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද නොපිලි පදිමින් අදාල රැස්විම පැවැත් වු නිසා එම රැස්විම විසුරුවා හැරිමට තමන් පොලිසිය සමග එක් ව කටයුතු කල බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා කියා සිටින්නේ.

එම රැස්විම සංවිධානය කල වටවල ටෙම්පල්ස්ට්‍රෝ ජනපදයේ ප්‍රදේශවාසින් චෝදනා කර සිටින්නේ තමන් සෞඛ්‍යය උපදෙස් පිලිපදිමින් අදාල රැස්විම පැවැත් වු බවත්, අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මවුන්ජින් ප්‍රදේශයේ වතු කම්කරුවන් විශාල පිරිසක් සමග පැමිණ තම රැස්විම විසුරුවා හැරිමට කටයුතු කල බවයි.

රැස්විම විසුරුවා හැරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,451 views

3 Comments to “සෞඛ්‍යය උපදෙස් නොතැකූ රැස්විමක් පොලිසියෙන් විසුරුවා හරී.. උණුසුම් තත්වයක්..”

  1. saman says:

    නියමයි. එහෙම රැස්වීම් තියන්න දෙන්න එපා. ජන්ද රැස්වීම්නම් කමක් නැ. දේශපාලුවෝ එන රැස්වීම් නම් තිබුනට කමක් නැ

  2. Mangala says:

    තාම 200…300 සහභාගි වන මගුල් ගෙවල් තියන එක අති අවදානම් නේද..

  3. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ , චන්ද රෑස්වීමක් නෙමෙයි නේ , අනික තමන්ට ඔනේ ඔනේ විදියට මිනිස්සු කැදවලා වැඩගන්න අශ්‍රෆ් ඔමාරුත් නෙමෙයි නේ.

Main News