සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි තත්වයක් නිවේදනය කරයි..

October 5, 2020 at 3:00 pm | lanka C news
සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි තත්වයක් නිවේදනය කරයි..

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීම හේතුවෙන් හදිසි තත්වයක් දැනුම් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන්නේ කොරෝනා වෛරසය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බවයි.

දැනට ඇඳිරි නීතිය පනවා ඇත්තේ දිවුලපිටිය වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට පමණක් වුවද සෙසු ප්‍රදේශවල සිටින ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග උපදේශ අනුව කටයුතු කළ යුතු බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ දැක්වෙයි. මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටි යුතු බවත් නිවෙසින් පිටත පැමිණ සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පැලදිය යුතු බවත්, නිතර අත් සේදීම සහ මූණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් එම නිවේදනයේ සදහන්ය.

වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් එළිමහනේ ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන ලෙස කටයුතු කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා ඇත.

195,263 views

7 Comments to “සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි තත්වයක් නිවේදනය කරයි..”

  1. Dubba says:

    ආණ්ඩුව මේ වැඩබලන උසස් නිලධාරින්ගෙන්ම දුවන්නේ ඇයි ?
    පිටරටවල් වල එහෙම වෙන්නේ නැත්තේ ඇයි ?

    • Deviyo says:

      Mokada amathaka vunaada? Usas niladaarin pathkaranna thorala anumaethiya denna neva oya ‘Swaadheena Komisan’ kiyana eva hadala thiyenne. Apen ahanne naethuva a komasaarislagen ahuva nam agei neva. Naethnam oya gale paharapu mokkunda vage inna parajithayangen ahuva nam a aya raten paenapu mahaa molakaarayangen ahala vaede karala dei.

  2. කාන්තාර පළඟැටියා says:

    බන්දුල ඇමතිතුමාගේ අත්‍යවශ්‍යය ආහර ද්‍රව්‍යවල මිල පහත හෙලලා , එව්වට පාලන මිලක් දමාපු ගැසට් පත්‍රයක් එහෙම ඉදිරියට එන්න තියෙනවා මෙහෙම ගියෝතින්. මේ වෙනකොට නම් තදාසන්න ප්‍රධාන නගර වලින් මිනිස්සු සෑහෙන්න ආහාර ද්‍රව්‍යය අරන් යන පාටක් තියෙන්නෙ. රාජකාරි සඳහා පිටත් වූ ඇතැමුන් පවාකලින් නිවාඩු දමා පැමිණ තිබෙනවා. කොහොම උනත් අපි හැමෝම මේ ව්‍යවසනකාරී තත්වය වැඩි දුරක් නොයා ඉක්මනින්ම පාලනය කරගන්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමු !

  3. වර්ණ says:

    නියපොත්තෙන් කඩන්න තියන එක අහවල් එකෙන් කඩන්න තියන්න එපා. හරියට තීරණ ගනිමු. ආර්ථිකය රැකගමු, බැලන්ස් කරමු

  4. Banda says:

    Can ministries declare emergency? If they can – on what subjects ?

    • Chutta says:

      Mokada baeri. Thatthala, thatthala vage inna ammala hitapu gaman gedrata aendiri neethiya damanne gedarin eliyata baessoth ‘andu kadanava’ kiyala. Ayi danne naeddaa?

  5. prasad says:

    “සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පැලදිය යුතු බවත්, නිතර අත් සේදීම සහ මූණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතුය.”

Main News