සෞඛ්‍ය ඇමති කිරිපිටි සමාගම් සමගයි.. රාජිතගේ ඇමතිකම පවරාගන්නැයි ජනපතිට දන්වයි..
February 19, 2019 at 3:50 pm | lanka C news
රාජිත සේනාරත්න මහතා දරමින් සිටින සෞඛ්‍ය ඇමති ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත.
සෞඛ්‍ය ඇමතිවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බවත් ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් පෙනී නොසිටින බවටත් සංගමය චෝදනා කරයි.
රාජිත සේනාරත්න ඇමතිවරයා කිසිම සොයා බැලීමකින් තොරව කිරිපිටි සමාගම් රැක ගැනීම වෙනුවෙන් ප්‍රකාශ සිදු කරමින් සිටින බවටත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටී.
පිළිකා ඖෂධ මිලට ගැනීම, නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීම අදී කටයුතු සිදු කරද්දී අක්‍රමිකතා සිදු වී ඇති බවත් ඒ ඇතුළු තවත් චෝදනා ගණනාවක් රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති බවත් ලේකම්වරයා තව දුරටත් පෙන්වා දෙයි.
GMOA රජයට පවරා ගනු. කිරි ගවයන් සඳහා තණකොල කැපීමට යොදවනු.
මේ දෙන්නම අබයහලුවෝ
අමාත්‍යංශය පවරගන්න බැරි නිසා අතන මෙතන ලොරි ටෝක් දේන්නේ නැතිව කිරිපිටි ආනයනය තහනම් කරන්න තියෙන්නේ