සෞඛ්‍ය ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70වන සමුළුවේ..

May 22, 2017 at 2:09 am | lanka C news
සෞඛ්‍ය ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70වන සමුළුවේ..

ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය.

අද (22) දින ආරම්භ වන සමුළුව 31 දක්වා පැවැත්වෙයි. මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය. තව ද පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ඇමතීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවෙි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවෙි දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශණය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සෞඛ්‍ය සේවාව නංවාලීමෙි ව්‍යාපෘති රැස්වීම් කිහිපයකට සහභාගි වෙයි. “සියළු කාන්තාවන්, සියළු දරුවන්” යන තේමාව යටතේ මෙන්ම ගර්භණී සමයේ දී දියවැඩියාවට මුහුණ දෙන කාන්තාවන් පිළිබදව ද විශේෂ සාකචිඡාවට කිහිපයක් ද ඇතුලත් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවෙි දී නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කිරීමට නියමිතය. වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මියගේ දිගු සේවා කාලය පුර්ණවීම ඊට හේතුවයි. අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා පකිස්ථානය, ඉතියෝපියාව සහ එක්සත් රාජධානියෙන් අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටිී. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය නියෝජනය කරයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

16 views
Main News