සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්දය තියන්න බෑ.. ඡන්ද පෙට්ටි පක්ෂ කාර්යාලයට යවා පුරවාගත යුතුයි..- හිටපු Cafee ආණ්ඩුකාර
June 10, 2020 at 3:00 pm | lanka C news
සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි යැයි කිසිවෙකු සිතන්නේ නම් ඔහු මැතිවරණයක් ගැන අබමල් රේණුවක අවබෝදයක් නැත්තෙකු බව හිටපු ආණ්ඩුකාරවරයෙක් වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ඡන්ද පෙට්ටි පක්ෂ කාර්යාලවලට යවා පුරවා දෙන්න යයි කිව්වේ නම් ඊට වඩා හොඳ බව ද ඔහු පවසයි.
කම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩුකාරවරයෙක් ලෙස කටයුතු කළ රංජිත් කීර්ති තෙන්නකෝන් කැෆේ සංවිධානය විධායක අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කරන ලද්දෙකි.
ඔහුගේ ෆේස්බුක් සටහන මෙහි දැක්වෙයි.
—-
ඡන්ද පෙට්ටි ටික පක්ෂ කාර්යාලවලට යවලා පුරවලා දෙන්න කිව්වා නම් මීට නරකද?
සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපමාන/නිර්දේශ/නිර්ණායක යටතේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ යැයි යමෙකු විශ්වාස කරන්නේ නම් ඔහු ‘මැතිවරණ ව්‍යාපාරය‘ ක් පිළිබද අබමල් රේණුවක දැනුමක් ඇත්තෙකු විය නොහැකිය. ආණ්ඩුව හා එයට පිටුපසින් සිට සහාය දක්වන කණ්ඩායම්වලට මේ උපමාන/නිර්දේශ ජැක්පොට් එකකි.
1. පොකට් රැස්වීමකට එන මිනිස්සුන්ගේ නම් ලැයිස්තු ආණ්ඩුවට දෙන්නට කැමති වන්නේ ආණ්ඩුවෙන් රස්සාවල් ගන්නට කැමති වන පිරිස පමණී.
2. සිරිතුංග, විජේ ඩයස්, පෙරටුගාමීන්, වැනි නිශ්චිත කාඩර් එකක් ඇති පිරිසගේ ගේ රැස්වීමකට යන පිරිස හෝ නම් ලැයිස්තුවක් දේයි ද?
3. රැස්වීම සංවිධානය කරන මිනිස්සු ඔය ලැයිස්තුවේ තියෙන දේවල් කරලා, පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩත්වයේ, ගොදුරු බවට පත්වන්නට කැමතිවේ ද?
4. හන්දියක තියෙන පුංචි රැස්වීමකට වේදිකා ගහන්න, ශබ්ද වාහිනී ක්‍රියාකරන්න, පුටු ටික බාර තරුණයෝ, ලයිට් දාන්න, මාධ්‍ය වාර්තාකරන්නත් අඩුම ගානේ හතලියක් වත් පැමිණෙයි. අපේක්ෂකයෝ හතර දෙනෙකු ආවොත් (හතර වරක් පහ = හතලිස් පහකි) පොලීසිය, ඔත්තු සේවය ඔයට අමතරවය. දහ දෙනෙකුට කථා කරන්නට රැස්වීමක් තියන්නට ලක්ෂ දෙකක් විතර වියදම්කරන්නට කාටහරි පිස්සුවක් තියේද?
5. 500 කට තියන රැස්වීම් ගැන නිර්දේශය ලියූ පුද්ගලයාට වසරේ හොදම ප්‍රබන්ධ කෘතිය සදහා සම්මානය දිය යුතුයි. අඩුම ගානේ, ජනාධිපති, අගමැති, සජිත්, රනිල්, සම්බන්ධන්, අනුර, හකීම්, රිෂාඩ් වගේ ජාතික/පක්ෂ නායකයෝ ඇමතිවරු සහභාගිවන රැස්වීමක ආරක්ෂාවට යොදවන සංඛ්‍යාව ගැන හෝ ඔවුන්ට අවබෝධයක් ඇතිද? ලයිට්, මාධ්‍ය, වේදිකා සදහා යොදවන කාර්ය මණ්ඩල ගැන නම් මෙලෝ අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
6. ඊයේ හවස විරෝධතා රැස්වීමක කථා කරමින් සිටිය දී ඇදගෙන ගියේ ද මැතිවරණයකට තරග කරන පෙරටුගාමී පක්ෂයේ නායකයා ය. ඔය ටික විපක්ෂයේ බහුතරයකට වුනොත් පුදුම විය යුතු නැත. මේක ආණ්ඩු පක්ෂයේ කුඩා පක්ෂ කණ්ඩායම්, හා වෘත්තිකයින්ට ද එලෙසම බලපානු ඇත. අහවලාගේ රැස්වීමවලට යන්න එපා, යන අයගේ ලැයිස්තුව මට තියෙනවා කිව්වාම ‘චන්ඩි අපේක්ෂකයින්ගේ හැර වෙනත් අයට කෙළවෙන්නේ ය. එජාපයෙන් පත් වූ බහුතරයක් මන්ත්‍රීවරු දැන් ඉන්නේ සජිත් එක්කය. ඒ මන්ත්රීෙකනෙක් දුරකතතනයට පක්ෂව රැස්වීමක් තිබ්බාම, ඒ අත්සන් ලැයිස්තුව එජාප මන්ත්‍රී ගේ තනතුර නැති කරන්නට සාක්ෂියක් වන්නේය.
7. අත්පත්‍රිකා බෙදිල්ල, රැස්වීම් පැවැත්වීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ මැතිවරණ ප්‍රචාරය සදහා ඇති එකම නීත්‍යානුකූල ප්රචාරක ක්‍රමය යි. දැන්, මේ මැතිවරණය තියන්නට යන්නේ මැතිවරණ පනතට අනුව නොවේ නම් මෙයට වැඩිය පහසු, ආරක්ෂාකාරී සරළ වැඩක් තිබේ.
8. කොමිසම කැමති පක්ෂ කාර්යාලවලට ඡන්ද පෙට්ටි යවා, ඒවා කැමති ආකාරයට පුරවා එවන්නට පහසුකම් සැලසීම මීටත් වඩා කොච්චර ‘නිදහස් ද?‘ කොච්චර සාමකාමී ද?
9. දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂකයෝ තවම මේ සෞඛ්‍ය නිර්ණායක/උපදෙස් කියවා නැති බව නම් මට විශ්වාසය. මනාප අංක දුන්න එකේ ඕක කියවන්නට ඉස්සර ඡන්දයත් තිබ්බා නම් ෂෝක් ය!
– රජිත් කීර්ති තෙන්නකෝන් FB
We had experienced how the politicians adhere to health laws at Hon. Thondamen”s funeral. How can we except a difference at an election?
දැන් ඡන්ද රැස්වීම් තියන්නම ඕනේද? පහුගිය වසර ගානක පුරා විවිධ පක්ෂ කළ නොකළ දේවල් මිනිස්සු දන්නවා. රැස්වීම් තියලා කියන දහසකුත් බොරු ඉටු නොකරන බවත් ජනතාව දන්නවා. ඉතිං මිනිස්සු දැන්ම තීරණය කරලා ඉවරයි ඡන්දය දෙන්න ඕනේ කාටද කියලා. ඒක දන්න නිසා තමයි මංගල ඡනදෙන් ඉවත් වුනේ. ඡන්දේ තමයි ලංකාවේ කොරෝනා වලට තියෙන ලොකුම ප්රශ්නය. තොන්ඩමන් මරණය, රාජිත වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂණය, සජිත් ගේ රැස්වීම්, දුමරියේ ආසනගත මගීන් ට වඩා රුගෙන යාම. මැනිං, දඹුල්ල මාර්කට් එක, පිටකොටුවේ මිනිස්සු හැසිරෙන විදිහ. මේවා දකිද්දී කොරෝනා කොර වෙනවා. ඡන්දේ වචනය කියද්දී විතරක් කියද්දී කොරෝනා මතක් වෙනවා. මාර ලොජික් තමයි තියෙන්නේ..