සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය ශක්තිමත් නොකර සංවර්ධන ඉළක්ක ලගා කර ගැනීම අපහසුයි…

October 19, 2016 at 2:06 am | lanka C news
සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය ශක්තිමත් නොකර සංවර්ධන ඉළක්ක ලගා කර ගැනීම අපහසුයි…

ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ 22 වන සභාපතිවරයා ලෙස පත් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ප‍්‍රජා සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ක‍්‍රිෂාන්ත අෙබිසේන මහතා පිළිගැනීෙමි උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පසුගියදා පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ නව සභාපතිවරයා මෙවර තේමාව ලෙස ගෙන ඇත්තේ රෝගීන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරිම සදහා සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සවිමත් කිරිම යන්නයි. එම තේමාව සෞඛ්‍ය, සමානාත්මතාවය, යුක්තිය සහ අයිතිවාසිකම් ලගා කර ගැනීම සදහා අරමුණු කර ගත් තේමාවක් වීම විශේෂත්වයක්. දශක ගණනාවක් ඉදිරිය දෙස කල්පනා කළ සංගමය යොදාගත් තේමාව මම අගය කරනවා. මහජන සෞඛ්‍ය තුළින් ජනතාවගේ ආරක්ෂාව, අභියෝග, ප‍්‍රායෝගිකව ක‍්‍රීයාවට නැංවිය හැකි දැනුමක් ප‍්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් සතුව පවතිනවා. ප‍්‍රතිපත්ති, කැපකිරීම් මුලික ප‍්‍රතිපාදන තුලින් සංවර්ධනය කරා යෑෙමි අවශ්‍යතාවය රටට උදා වී තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරිමකින් තොරව සංවර්ධන ඉළක්ක ලගා කර ගැනීම අපහසු බව මාගේ හැගීමයි.

මැලේරියා රෝගය, බරවා රෝගය, තුරන් කළ ආකාරයෙන් අනෙකුත් රෝග ද ශ‍්‍රී ලංකාවෙන් තුරන් කළ යුතු වෙනවා. ඒ සදහා ප‍්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගෙන් ශක්තිමත් දායකත්වයක් ලැබෙනවා. ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සාමාන්‍ය ජනතාව සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය යා කරන පාලමක් ලෙස .මම හදුන්වනවා. ඔබට සමාජයේ හඩක්වීමට හැකි බව මාගේ විශ්වාසයයි’

– නිපුන් ඒකනායක

0 views
Main News