සෞඛ්‍ය තත්වය අයහපත්.. ඥාණසාර හිමි බන්ධනාගාරයේ සිට නැවත ජපුර රෝහලට ඇතුළු කෙරේ…

September 6, 2018 at 12:00 pm | lanka C news
සෞඛ්‍ය තත්වය අයහපත්.. ඥාණසාර හිමි බන්ධනාගාරයේ සිට නැවත ජපුර රෝහලට ඇතුළු කෙරේ…

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර රෝහලේ සිට අද පෙරවරුවේ යලිත් ජයවර්ධනපුර රෝහල වෙත ගෙන ගොස් තිබේ.

එහිදී උන් වහන්සේ යලිත් එම රෝහලට ඇතුලත් කරගෙන ඇත්තේ වැඩි දුරට ප‍්‍රතිකාර සදහායි.

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසර හයක සිර දඩුවමක් නියම කර සිටින උන් වහන්නේ ජපුර රෝහලේදී වකුගඩු සැත්කමකට භාජනය විය.

සැත්කමෙන් පසු උන් වහන්සේ බන්ධනාගාර රෝහලට ගෙන යනු ලැබීය.

නමුත් මේ වන විට සෞඛ්‍ය තත්වය අයඑපත් නිසා යලිත් ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර ඇත.

22 views
Main News