සෞඛ්‍ය පද්ධතියට තවත් දරා ගන්න බෑ.. සියල්ල පිරී ගොසින්..- වසංගත රෝග ප‍්‍රධානී දැනුම් දේ…

May 7, 2021 at 12:02 am | lanka C news
සෞඛ්‍ය පද්ධතියට තවත් දරා ගන්න බෑ.. සියල්ල පිරී ගොසින්..- වසංගත රෝග ප‍්‍රධානී දැනුම් දේ…

දිනකට කොරෝනා ආසාදිත පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් අලුතින් හඳුනා ගැනීමින් සිටීම නිසා එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ දැනටමත් අධික ආසාදිතයන් පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බවයි.

මෙරට දැනට 17,000 ඉක්මවූ පිරිසක් රෝහල් ගතව සිටින බවද පැවසූ ඔහු දිනකට තවත් 2000ක පමණ පිරිසක් හමුවීමෙන් සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ නිසා සියලුම ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු යුතු බවත් රජයට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් සියල්ල සිදු කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

26,937 views

20 Comments to “සෞඛ්‍ය පද්ධතියට තවත් දරා ගන්න බෑ.. සියල්ල පිරී ගොසින්..- වසංගත රෝග ප‍්‍රධානී දැනුම් දේ…”

  1. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා දෙවන රැල්ල ආරම්භාය් සිටම, රෝගයේ ව්‍යාප්තිය පිළිබඳව ඉතාමත් සැහැල්ලුවෙන් කථා කළා මිසක, එය වැළැක්වීම සඳහා නිසි පියවර නොගෙන, දැන් දරාගත නොහැකි බව කීමේ ඵලය කුමක්ද…?
    වෛරසයක හැසිරීම ලිළිබඳව, උසස් පෙල විද්‍යා අංශායන් අධ්‍යාපනය ලැබූ ඕනෑම කෙනෙකු දනී….!!

    මෙවන් තත්වයක් උදාවන බව අපි එදා සිටම පුන පුනා කීවද, එය වගකිව යුතු අයට වැටහුනේ නැත….!!!

    සෞඛ්‍ය අංශවල කාර්යභාරය රෝගයක් වැළැක්වීමට හෝ රෝගයට පුතිකාර කිරීම මිස බොරු මත ප්‍රකාශ කරමින් ජනතාව අනතුරේ හෙලීම නොවේ……

  2. මරතේනිස් අයියා says:

    අනේ නරියො.අවධානමක් නෑ කියලා රටේ නායකයට ලණු කැරලි පිටින් ම ගිල්ලවලා මේ වැඩේ අවුල් කලේ තමුන් ම නේද?වැරදි සංඛ්‍යාාලේඛණ ලොකු උන්නැහේට යවලා රටේ මිනිස්සු බුරැතු පිටින් මැරෙන්න ඇරලා තමුසෙ මොන බම්බුවක්ද දැන් කි⁣යන්නේ තමුසෙලට හෙන ගහනව ඕයි මේ කරපු අපරාදෙට

  3. dedta says:

    ei meda mulana tiyenne ei janadipathi yage gedara tiyenne ewa ganna ei egollo mahajan nayakayo neda sajiyage unath kamak neha

  4. Sirimal says:

    All this time were you sleeping. Like rip van winkle suddenly talking of lockdown after the horse has bolted from the stables. You are the main inefficient old official responsible for this situation in the country. The other is the spineless old DGHS. If Dr. Jasinhe was there this situation would have been in a very much more better situation.

  5. දැනුවත්කර සිටින්නමු..! සුදානමින් සිටින්න..! says:

    ශ්‍රී ලංකාව සම්බනධව ”මිතුරැවේශයෙන්” ආධාර උපකාරලෙස ”මුග්ධ” දේශපාඵුවන් ග්‍රහණයට ගනිමින් බටහිරයන් විසින් සාහසික සැලසුම් ක්‍රියාවට නැංවිමට නියමිතයි..!විවිධ මුග්ධ සහ වංචනික දේශපාළන නායකයන්,නිලධාරීන් දෙස දැඩි අවධානයෙන් පසුවනලෙස ගරැ සරත්වීරසේකර තුමා සහ ගරැ ශ්‍රවේන්ද්‍ර සිල්වා තුමාව විශේෂයෙන් දැනුවත්කර සිටින්නමු..! සුදානමින් සිටින්න..!

  6. Jagath says:

    අවුලක්‌ නෑ. අපි දේශප්‍රේමී බෛයියෝ.කොරෝනා වෙන් මැරුනත් සර් ඇතුළු කට්ටිය බේරුනොත් ඇති.

  7. kanday says:

    Bring back Dr Anil Jayasinghe. This doctor is not an effective public communicator. He needs to improve his public speaking skills or get out and let someone else do a better job.

  8. kanday says:

    Bring back Dr Anil Jayasinghe. This doctor is not an effective public communicator. He needs to improve his public speaking skills or get out and let someone else do a better job

  9. සමනා says:

    අනේ!, දරාගන්න බැරිනම් අනේ! දේශිය වෙදකමට මග අහුරන්නේ නැතිව ගරහන්නේ නැතිව ඉඳපල්ලා

  10. Swadesee says:

    According to Dr. Samarweera only persons below 60 get vaccine. Is this the policy of Samaweera or our government. Why he is neglecting senior citizens.

Main News