සෞඛ්‍ය පුරුදු ගැන දෙමාපියන් දැනුවත් කිරීමේ අවිය දරුවන්…

December 4, 2016 at 2:05 am | lanka C news
සෞඛ්‍ය පුරුදු ගැන දෙමාපියන් දැනුවත් කිරීමේ අවිය දරුවන්…

දෙමාපියන්ට සෞඛ්‍ය පාඩම් කියාදීමට උචිතම අවිය පාසල් දරුවන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

‘අපි නිරෝගී වෙමු’ පාසල් දරුවන් සදහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව කියා සිටියේය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරනවා. මෙම වසරේ මුල් කාර්තුෙවි කොළඹ ප‍්‍රධාන පෙලේ ජාතික පාසලක දරුවන්ගේ ආහාර රටාව විධිමත් කිරීම සදහා මූලික සාකචිඡවක් පැවැත්වුනා. එහිදී මතු වූ කරුණු පදනම් කර ගනිමින් පෝෂ්‍යදායි ආහාර රටාවක් පිළිබද ජනතාව දැනුවත් කිරීෙමි පාගමනක් ද පැවැත්වූවා. ඉන් පසු එම පාසල ඉදිරිපිට පිහිටි ක්ෂණික ආහාර අලෙවිසැලක වෙලෙදාම අවම වුනා. පාසල් දරුවන් ආහාර ගැනීමෙන් වැළකී සිටියා. එම නිසා අපි තීරණය කළා දෙමාපියන්ට සෞඛ්‍ය පාඩම් කියාදීමට උචිතම අවිය පාසල් දරුවන් බව. ඉන් පසු ‘අපි නිරෝගී වෙමු’ කෘතිය සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා වලින් දසලක්ෂයක් මුද්‍රණය කළා. මෙම කෘතිය ඉදිරියේ දී ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල හරහා පාසල් දරුවන් දැනුවත් කරමින් බෙදා හරිනවා. ෙුමය පාසල් දරුවන්ගේ අත් පොතක්. සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් බිහි කිරීමට යහපාලන රජය කටයුතු කරනවා.

බෝනොවන රෝග පාලනය කළ යුතුයි. ශ‍්‍රී ලංකාෙවි ජනතාව බහුලව භාවිතා කරන ඖෂධ වර්ග පිළිබදව කෘතියක් ද ශ‍්‍රී  ලංකා වෛද්‍ය සංගමය විසින් සකස් කළා. එහි පිටපත් ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුද්‍රණය කළා. එයත් අද ජනාධිපතිතුමාට පිළිගැන්වූවා. එමෙන්ම නිවැරදි ඖෂධ භාවිතය ඉතාම වැදගත්. ඒ සදහා අප විසින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා.

‘ගර්භනී කාලය තුල දියවැඩියාව’ නමින් කෘතියක් ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සකස් කළ අතර, එය ද අද ජනාධිපතිවරයාට පිළිගැන්වූ අතර මෙම උත්සවයේ දී  ර්‍ණඅපි නිරෝගී වෙමු කෘතිය ද ජනාධිපතිවරයාට පළිගන්වන ලදි. නව වෙබි අඩවියක් ද මෙහිදී එළිදක්වන ලදි.

– නිපුන් ඒකනායක

59 views
Main News